(පද්මා කුමාරී කංකානම්ගේ)
කල්පිටිය සංචාරක කලාපයට අයත්, ඉලන්තඩිය මුහුදු වෙරළ තීරයේ පිහිටි කස කැළෑවක් වෙරළ ඛාදනය හේතුවෙන් අවදානම් තත්වයක් උද්ගතවී ඇති බව කල්පිටිය සංචාරක සංවර්ධන සංගමයේ සභාපති කීර්ති නික්සන් මහතා පවසයි.
මෙම කැළය දිගින් කිලෝ මීටර දෙකකට ආසන්න පළලින් මීටර 70 කට ආසන්නය.
මේ වන විට එම මුහුදු තීරයේ වෙරළ සංරක්ෂණ කලාපයේ මීටර 50 ක් ද ඉන් ඔබ්බට පිහිටි කස කැළයෙන්ද මීටර 20 ක් පමණ ද මුහුදු බත්ව ඇති අතර, නොනවත්වාම මෙම ක්‍රියාවලිය සිදුවෙමින් පවතින බව ය.
වෙරළ ඛාදනය සංචාරක නිකේතන දහයකට පමණ කෙලින්ම බලපාන බවත් ඔහු කීය.
"මෙම මුහුදු ඛාදනය ඉතාම ප්‍රබලයි. ඉක්මණින් විසඳුමක් ලබා නුදුන්නොත්, සංචාරක කර්මාන්තයට මෙය මරු පහරක්"
" කස කැලෙන් පස්සේ තිබෙන්නේ ඉලන්තඩිය ගමේ සුසාන භූමිය සහ ගම්මානය. මීට කඩිනම් විසඳුමක් නොලැබුණහොත් ඊළඟ තර්ජනයන් එල්ල වන්නේ, මෙම ගම්මානයට සහ සුසාන භූමියටයි" යැයිද කීය.
වෙරළ ඛාදනය පිළිබඳව වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුවටත්, වෙරළ සංරක්ෂණ දෙපාර්තුමේන්තුවටත් දැනුම් දී ඇතැ යි ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ ය.
වෙරළ සංරක්ෂණ දෙපාර්තුමේන්තුවේ කල්පිටිය භාර නිලධාරී ඒ.ආර්.එම්. හලීම් මහතාගෙන් විමසීමේදී ඒ මහතා පැවසුවේ, මේ පිළිබඳව සිය දෙපාර්තුමේන්තුව ඉදිරියේ ක්‍රියාත්මක වනු ඇති බව ය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
වෙරළ ඛාදනයෙන් කල්පිටියේ කස කැළයක් අවදානමේ
Ile Monday, 09 December 2019 10:53 AM
"වෙරළ ඛාදනය" කියන වචනය කොහෙන් ආවාද මන්දා? මේ සිද්ධියට යෙදිය යුතු නියම වචනය තමා "මුහුදු කෑම"
Champa Tuesday, 10 December 2019 03:48 PM
මුහුදු වෙරළ ඛාදනය වලක්වන්න මේ රටේ කිසි පාලකයෙක් කිසි දෙයක් කරලා නැහැ. වෙරළ වටා ගස් තියෙන්නේ ඛාදනය වලක්වන්න. මේ කස කැලේට ඉස්සරහින් වැල්ල හේදිලා යන එක වලක්වන්න තණකොළ ජාතියක් තියෙනවා. ඒවා හිටවලා ඊට ඉස්සහින් ගල් වැටියක් දාන්න ඕනේ. කුඩා ගල් පාවිච්චි කරලා.