(චමින්ද මුණසිංහ)
කොළඹ වරාය නගරයේ විශේෂ ආර්ථික කලාපයක් පිහිටුවීම සඳහා වූ යෝජනාවට හා ඒ සදහා වූ නීති කෙටුම්පතට කැබිනට් අනුමැතිය හිමි වීම පිළිබඳව කොළඹ වරාය නගරයේ ආයෝජක සමාගම වන සී.එච්.ඊ.සී පෝට් සිටි කලම්බු (පුද්.) සමාගම සිය ප්‍රසාදය පළකර සිටියි.
මෙය ශ්‍රී ලංකාවට වැඩි සෘජු විදේශ ආයෝජන රැගෙන එන පියවරක් වනු ඇති බවට විශ්වාසය පළකරන එම සමාගම, මෙම විශේෂ ආර්ථික කලාපය, විශේෂයෙන් යටිතල පහසුකම් ඉලක්ක කරගත් ජාත්‍යන්තර ව්‍යාපාර හා සේවා කේන්ද්‍රයක් වනු ඇති බවට අපේක්ෂා කරයි.
‘කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් පනත් කෙටුම්පත‘ මගින් වරාය නගරය තුළ බලපාන මූලික නීතිමය රාමුව සකස් වනු ඇති අතර, එම පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම පිණිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවී ඇත. කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් පනත් කෙටුම්පත මගින් විදේශ ආයෝජන ආකර්ෂණය කරගැනීම සඳහා හිතකර හා තරගකාරී පසුබිමක් සකස් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
සාගරය ගොඩකිරීම ඔස්සේ ඉදිකරන ලද හෙක්ටයාර 269 ක් වූ වරාය නගර භූමියේ ලොව දියුණු රටවලට සමාන පහසුකම් ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබේ. මෙය කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් පනත් කෙටුම්පත මගින් මගින් ඇතිකිරීමට අපේක්ෂා කරන, ව්‍යාපාර වලට හිතකර පරිසර නිර්මාණය කිරීමට පැහැදිලිවම උපකාරී වන සාධකයක් වනු ඇත. එමගින් මූල්‍ය හා මානව ප්‍රාග්ධනය ගලා ඒම, දේශීය හා විදේශීය ව්‍යවසායකයන්ට වඩාත් හොඳින් තම ව්‍යාපාර කටයුතු සිදුකළ හැකි වීම, රැකියා අවස්ථා නිර්මාණය වීම සහ දක්ෂයන් රඳවා ගැනීමට හැකිවීම යනාදී ප්‍රතිලාභ රාශියක් හිමිවනු නිසැක ය. එමෙන්ම ජාත්‍යන්තර සමාගම් තම ප්‍රධාන කාර්යාල හෝ කලාපීය කාර්යාල වරාය නගරය තුළ ස්ථාපිත කරනු ඇතැයි අපේක්ෂා කරයි.
මෙම විශේෂ ආර්ථික කලාපය ස්ථාපිත කිරීම ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට හේතුවක් වනු ඇතැයි වරාය නගර ව්‍යාපෘතිය විශ්වාස කරයි. ප්‍රධාන සැලසුමට අනුව වරාය නගරයේ ඉදිකිරීම් සඳහා වර්ග මීටර් මිලියන 5.7 ක ඉඩක් වෙන්වන අතර, එහි වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 15 කි.
හපුතලේ රන්ජැල්ලාව ප්‍රදේශය හරහා අද රාත්‍රී හමා ගිය දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් එම ප්‍රදේශයේ නිවාස විස්සකට අධික සංඛ්‍යාවකට හානි සිදුවී ඇති බවද හරිත
රැකියාවක නියුතුවන වයසේ සිටින මෙරට කාන්තාවන් ලක්ෂ 65 කට වැඩි පිරිසක් ආර්ථික වශයෙන් අක්‍රීය බවත් ඔවුන්ගෙන් මෙරට ආර්ථිකයට ලැබෙන දායකත්වය අවම බවත් ජන හා ස
වෙන්නප්පුව වෙල්ලමන්කරේ මුහුදේ අද සවස දිය නෑමට ගිය හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මුහුදේ ගසා ගෙන ගොස් ඇති බවත් එයින් දෙදෙනකු බේරා ගත්තද අතුරුදහන් වු සිව
වෙසක් පොහොය නිමිත්තෙන් මහරගම තරුණ සේවා සභාවේදී අද (13) උදෑසන හතේ සිට දවස පුරා අලුත් තාලේ දන්සැලක් පැවැත්විණි.
ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බව ලුණු නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ගණක අමරසිංහ මහතා පැවසීය.
කොත්මලේ රම්බොඩ ගැරඩිඇල්ල ප්‍රදේශයේ ඉකුත් 11 වන දින සිදු වූ බස් රථ අනතුර සම්බන්ධයෙන් සොයා බැලීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කළ කමිටු
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
වරාය නගරයේ විශේෂ ආර්ථික කලාපයට ව්‍යාපෘති සමාගමේ ප්‍රසාදය
deeptha wijesinghe - uk Thursday, 01 April 2021 11:18 AM
ලෝකයේ දියුණු රටවල අලුත්ම ප්‍රවණතාවක් ඇතිවෙලා " චීනය " සම්බන්ධ කිසිම ව්‍යාපෘතියකට ආයෝජනය නොකිරීමට. අපී මෝඩ " වාහෙලා " මේවා ගැන දැනගන්න ඉස්කෝලේ ගිහින් ඉන්න එපැයි. මම දන්නා විදිහට ඔය නගරයට දියුණු රටවල් කවුරුත් ආයෝජන අරගෙන එන්නේ නැහැ.