IMG-LOGO

වරායේ දොඹකරවලට තරුණ ළඳුන්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න )

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ දොඹකර ක්‍රියාකරවන්නියන්  ලෙස තරුණ කාන්තාවන් වැඩි වශයෙන් බඳවා ගැනීමට පියවර ගන්නා බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ වරාය, නාවික හා සිවිල් ගුවන් සේවා කටයුතු පිළිබද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ රැස්වීමකදීය.

තම අමාත්‍යාංශය යටතේ ඇති ශ්‍රී ලංකා වරාය අධිකාරිය ඇතුළු අනෙකුත් ආයතනවල  මෙහෙයුම් කටයුතු පුළුල් කරමින්  කාර්යක්ෂමතාව වැඩි කරන ලෙස වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යවරයා  අදාළ නිලධාරීන්ට මෙහිදී උපදෙස් ලබා දුන්නේය.

සිවිල් ගුවන් සේවා පනත යටතේ  නියෝගය(2010 අංක 14 දරන) අද(22) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටද කාරක සභාවේ එකගත්වය හිමිවිය.

(සීමාසහිත) ජය කන්ටේනර් ටර්මිනල්ස් සමාගම, සිවිල් ගුවන් සේවා අධිකාරිය, ශ්‍රී ලංකා නැව් සංස්ථාව යන ආයතනවල නිලධාරීහු එම ආයතනවල මෙහෙයුම් කටයුතු පිළිබදව අමාත්‍යවරයා දැනුවත් කළහ.

මේ අවස්ථාවට  රාජ්‍ය අමාත්‍යවරුන් වන  ප්‍රේමලාල් ජයසේකර, රාජ්‍ය අමාත්‍යවරුන් වන   ශාන්ත බණ්ඩාර සහ   ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන  සරත් වීරසේකර,  එම්.එස් තව්ෆීක් සහ  ෆයිසාල් කාසිම් යන මහත්වරුන් ඇතුළු පිරිසක්ද  සහභාගී වූහ.



අදහස් (6)

වරායේ දොඹකරවලට තරුණ ළඳුන්

මුදියන්සේ.... Wednesday, 21 September 2022 12:13 PM

බර එසවීම සදහා ද ? ඇයි මීට තරුණ කොල්ලන් හරි නැති ද ?

:       2       15

Ruhunu Wednesday, 21 September 2022 12:30 PM

මේ මනුස්සයාට විකාරද මන්දා..?

:       1       15

ගමේ එකාලා Wednesday, 21 September 2022 04:35 PM

නිදිමර ගාතේ කියන කතා? මොලේ කොලොප්පම් වෙලා ඇති....

:       0       0

Pasindu Thursday, 22 September 2022 06:55 AM

රැකියාවත් නැතිව ඉන්න තරුණයන්ට දුන්නොත් මොකද මේ අවස්ථාව. රැකියාවක් නැති කොල්ලන්ටයි ඒකෙ දුක තේරෙන්නෙ. කොල්ලන්ගෙ රැකියා අවස්ථාවන් නැති කරලා මංකොල්ලකාරයෝ වෙනව දකින්නද ඕනි මේ මිනිස්සුන්ට.

:       0       0

APerera Thursday, 22 September 2022 10:27 AM

ඉස්සර කාලෙක ඇමතියෙක් කාර්යාලයේ නිරුවතින් ඉඳලා බිරිඳට අහු වුණාලු (ඇත්තද දන්නෑ)... මේ පාර අහු වෙන්නේ දොඹකරයක් ඇතුළේ වෙයිද දන්නෑ...!

:       0       0

Kevin Thursday, 22 September 2022 08:52 PM

දොඹකරවල වැඩ කරන්න පිරිමින්ටත් අමාරුයි. ගැහැනු කොහොම කරන්නද? විහිලු කරන්න එපා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 516 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 695 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 282 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site