ශ්‍රී ලංකා වරාය අධිකාරියේ (SLPA) සභාපති කීත් ඩී. බර්නාඩ්, උප සභාපති ජී.යූ.කේ. අල්ගේවත්තගේ, සහ අතිරේක වැඩ බලන කළමනාකාර අධ්‍යක්ෂ ඇච්.ඇම්. ප්‍රභාත් ජයන්ත යන මහත්වරු පසුගියදා හම්බන්තොට ජාත්‍යන්තර වරාය සංකීර්ණයේ දෙදින සංචාරයක නිරත වූහ.
පැමිණි නියෝජිත පිරිස පිළිගත් හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය (HIPG) සහ හම්බන්තොට ඉන්ටර්නැෂනල් පෝර්ට් සර්විසස් (HIPS) සමාගම් හි ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය, පසුගිය වසර 5 තුළ වරාය ලබා ඇති ප්‍රගතිය පිළිබඳව ඔවුන් දැනුවත් කළ අතර, වරායේ ඉදිරි වර්ධනය පිළිබඳවත් දීර්ඝ ලෙස සාකච්ඡා කළහ.
“වරාය ක්‍රියාකාරකම් වර්ධනය කිරීම සඳහා දේශීය කර්මාන්ත සමඟ ඒකාබද්ධ වෙමින් අප ගෙන යන වැඩ පිළිවෙළ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ප්‍රමුඛ නියෝජිත පිරිස සමඟ සමීප සාකච්ඡා පැවැත්වීමට HIP ජ්‍යෙෂ්ඨ කාර්ය මණ්ඩලයට හැකි වීම අප අගය කරනවා. ශ්‍රී ලංකා වරාය අධිකාරිය HIP හි ව්‍යාපාර හවුල්කරුවකු වන අතර, මෙම සංචාරය මෙන්ම අප වෙත ලබා දෙන සහයෝගය, අපගේ ගෝලීය හවුල්කරු CMPortසහ අධිකාරිය අතර ඇතිකර ගත් රාජ්‍ය-පෞද්ගලික ගිවිසුම තවදුරටත් තහවුරු කිරීමක්” යැයි HIPS හි ප්‍රධාන විධායක නිලධාරී ජොන්සන් ලියු පවසයි.
වරායේ ප්‍රගතිය පිළිබඳ තෘප්තිමත් වූ වරාය අධිකාරියේ සභාපති, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සහයෝගීතාව HIP හට සෑම විටම ලබා දීමට තමන් සූදානම්ව සිටින බව ප්‍රකාශ කළේය.
595
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
වරාය අධිකාරියේ සභාපති හම්බන්තොට වරායේ නිරීක්ෂණයේ