
(යොහාන් භාසුර)
රුපියල් මිලියන 50 ක් හෙවත් රුපියල් කෝටි 5කට අධික මුදලක් වැය කර ඉදිරිකළ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ගේට්ටු සහ පිවිසුම් මාර්ග පද්ධතිය පෞද්ගලික පර්යන්තවලට වාසිවන පරිදි වෙනස්කිරීමෙන් රාජ්‍ය මුදල් රුපියල් කෝටි 5 කට අධික මුදලක් නාස්තිවන්නේ යැයි වරාය වෘත්තීය නායකයෙක් වන ශ්‍යාමල් සුමනරත්න මහතා අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිසමට අද (11) පැමිණිල්ලක් කළේය.
රුපියල් මිලියන 50 කට අධික මුදලක් වැය කර 2014 වසරේ වැඩ අවසන් කළ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ගේට්ටු සහ පිවිසුම් මාර්ග පද්ධතිය අඛණ්ඩව පවත්වාගැනීමට 2021 වසරේ තීරණය කර තිබූ බවත් වර්තමාන ආණ්ඩුව පත්වීමෙන් පසුව වරාය අධිකාරියේ නව කළමණාකාර අධ්‍යක්‍ෂවරයා පෞද්ගලික පර්යන්ථවලට මාර්ග සැළසුම් පද්ධතිය වෙනස්කිරීමට කටයුතු කළ බවත් එම පැමිණිල්ලේ සඳහන් වේ.
එම මාර්ග පද්ධතිය වෙනස්කිරීම පිළිබඳව තොරතුරු ලැබුණු වාහාම වරාය වෘත්තීය සමිති සන්ධානය විරෝධය දැක්වීමේ ප්‍රතිඵළයක් ලෙස වරාය භාර අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මෙහෙයුම් කමිටුවක් පත්කළ බව කියන වෘත්තිය සමිති සන්ධානය ශ්‍රී ලංකාවට වඩාත් වාසිදායක සැළසුම දැනට ඉදිරිකර ඇති ගෝට්ටු පද්ධතිය යැයි අමාත්‍යවරයා පත්කළ නිලධාරීන් රැසකින් යුත් මෙහෙයුම් කමිටුවක් කළ විද්‍යාත්මක සංසන්ධනයකින් තහවුරු කළ බව ද පැවසීය.
කෙසේ වෙතත් නැගෙනහිර පර්යන්තයේ ගේට්ටු සහ පිවිසුම් මාර්ග පද්ධතිය වෙනස් කිරීමේ තීරණය මේ දක්වා වෙනස් කර නොමැති බවත් වෙනත් කමිටු සහ නිලධාරීන් පත්කරමින් එම ක්‍රියාවලිය ක්‍රියාත්මක කරමින් සිටින බවත් වෘත්තීය සමිති පැවසීය.
වරාය අධිකාරියේ නව කළමණාකාර අධ්‍යක්‍ෂවරයාගේ වැරදි තීරණයක් මත රාජ්‍ය මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් කටයුතු කරන ලෙස වරාය වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය කරුණු 10 ක් යටතේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමෙන් ඉල්ලා සිටින අතර ‘දූෂණය’ සහ ‘අල්ලස’ වැරදි යටතේ එම මුදල් අවභාවිතයට සම්බන්ධ සියලුම දෙනාට එරෙහිව කඩිනමින් නීතිය ක්‍රියාත්මක කරන ලෙස ද වැඩිදුරටත් ඉල්ලා සිටියි.
වර්තමාන ආණ්ඩුව යටතේ වාරාය අධිකාරී පාලනය වෘත්තීය සමිති නායකයන් දඩයම් කරමින් සිටීම නිසා තමන් වරාය සේවකයෙක් ලෙස මෙම පැමිණිල්ල කළ බවත් දේශපාලන බේදයකින් තොරව පැරණි මාර්ග වැරදි නම් එයට වගකිවයුතු සහ නව මාර්ගය වැරචදි නම් ඊට වගකිවයුතු පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිසමෙන් ඉල්ලා සිටි බවත් සුමනරත්න මහතා පැමිණිල්ල භාරදීමෙන් පසුව පැවසීය.
2025 නොවැම්බර් මස 04
249
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2099
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1598
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
වරාය අධිකාරියට කෝටි 5ක පාඩුවක් ගැන පැමිණිල්ලක්
saminda Monday, 11 August 2025 03:45 PM
ඔය අය තමයි වරාය කන්නේ.. පින්පඩි ගන්න අය වරාය දියුණු කරනවට අකැමැති සෙට් එක. තවම සුද්දගේ කාලේ කොළ පුරවන්න තමයි කැමැති. ඩිජිටල් වෙනවා නම් වරාය ඇතුලේ දූෂණය ගොඩක් අඩුවේවි...
යෝගා Monday, 11 August 2025 06:43 PM
කොහොමත් වරාය ඇමැති දවසක ජම්පර් අරින්න නියමිතයි. එදාට, දැනට වරාය කන, එයාගේ අන්තේවාසිකයින්ටත් පෝලිමට ජම්පර් අඳින්න වෙයි..