
(රවින්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ)
වීරවර වාරියපොල ශ්‍රී සුමංගල අනුනාහිමියන් ගේ 209 වන ගුණ සැමරීම අද (02) උන් වහන්සේගේ ජන්ම භූමිය ලෙස සැළකෙන වාරියපොල දී සිදුකෙරිණ.
1815 මාර්තු 02 දින මහනුවර මගුල් මඩුවේදී උඩරට ගිවිසුම අත්සන් කිරීමටත් පෙර ඉංග්‍රීසීන් විසින් ඔවුන්ගේ කතිර කොඩිය එසවීමට විරෝධය දක්වමින් එම කොඩිය බිම හෙලා නැවත සිංහ කොඩිය ඔසවා ජාතියේ වීරතවය විදහා පෑ වාරියපොල ශ්‍ර්‍ර්‍රී සුමංගල අනුනාහිමියන් ගේ එම වීර ක්‍රියාවට අද දිනට වසර 209 ක් සපිරේ.
සෑම වසරකම මාර්තු 02 දින එම ක්‍රියාව සිහිකර වාරියපොල නගර මධ්‍යයේ පිහිටි සුමංගල අනුනාහිමි පිළිරුවට පුෂ්පෝපහාර පිදීම සිදුකෙරේ.
වාරියපොල සුමංගල පිරිවෙන් රජමහා විහාරස්ථානයේ විහාරාධිපති අස්ගිරි විහාරයේ කාරක සංඝ සභික මහාචාර්‍ය තුඹුල්ලේ ශ්‍රී සීලක්ඛන්ධ වයඹ පළාතේ ප්‍රධාන සංඝනායක හිමියන් ඇතුළු ප්‍රාදේශීය මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් උත්සවය පැවැත්විණ.
වාරියපොල ශ්‍රී ඥානෝදය මහා විද්‍යාලයේ තූර්යවාදන කණ්ඩායම් පෙරටු කරගෙන මහා සංඝරත්නය, වාරියපොල ශ්‍රී සුමංගල ජාතික පාසලේ ශිෂ්‍ය නායකයින්, ප්‍රදේශවාසීන් ඇතුළු පිරිස සුමංගල පිරිවෙන් විහාරස්ථානයේ සිට පෙරහැරින් නගරයට පැමිණ සුමංගල හිමි පිළිරුවට පුෂ්පෝපහාර දැක්වූහ.
මෙහිදී සුමංගල ජාතික පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසින් වයඹ උදාන ගීතය සහ සුමංගල හිමි උපහාර ගීතය ගායනා කළහ.
මෙම අවස්තාවට සියළු රාජ්‍ය ආයතන නියෝජනය කරමින් පිරිස් එක්ව සිටි අතර වාරියපොල නගරවාසීන් ඇතුළු ව්‍යාපාරිකයින් ද විශාල පිරිසක් එක්ව සිටියහ.


2025 දෙසැම්බර් මස 18
283
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
189
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
994
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වාරියපොළ සුමංගල හිමි සැමරේ
මැක්ස් Saturday, 02 March 2024 09:35 PM
මෙවන් අති ශ්‍රේෂ්ඨ යතිවරයන් වහන්සේ නමක් සමරමින් උන්වහන්සේට ලැබිය යුතු ගව්රවය ලබා දීමට කටයුතු කළ සැමට පින්! කාල් මාක්ස් සරණ යමින්, විශ්ව විද්‍යාල තාප්පවලින් පනින, ගනින්නාන්සේලා පන්නයේ චීවරධාරීන්ට වාරියපොළ සුමංගල හිමියන් මට්ටමට පැමිණීමට ආත්ම ගණනක් පෙරුම් පිරුවත් නොහැකි වන බව නම් නිසැකයි.