(ඩයනා උදයංගනී)
ඉදිරියේදීත් තද වැසි ඇති වුවහොත් ඇතැම්ගංගා ආශ්‍රිතව ගං වතුර අවධානමක් ඇති විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් පූර්ව ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ පුරෝකථන අනුව ඇතැම් ප්‍රදේශවලට අද (5) රාත්‍රියේ සහ හෙට (6) දිනයේත් තද වැසි ඇතිවිය හැකි බැවින් අත්තනගලු, කළු, කැළණි, ගිං සහ නිල්වලා යන ගංගා ද්‍රෝණිවලින් එකක හෝ කිහිපයක ඉදිරියේදී ගංවතුර තත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එම ගංගා ද්‍රෝණිවල සහ අතු ගංගාවල අධික ජල ගලනයක් ඇතිවිය හැකි බවත්, අසල පදිංචි ජනතාව අද (5) රාත්‍රියේ සහ ඉදිරි දින කිහිපයේදී ඇතිවිය හැකි ගංවතුර තත්ත්වයන් පිළිබඳව අවධානයෙන් සිටිය යුතු බව වාරිමාර්ග අධ්‍යක්ෂ (ජලවිද්‍යා සහ ආපදා කළමනාකරණ) ඉංජිනේරු එස්.පී.සී සුගීෂ්වර මහතා පැවසීය.
එමෙන්ම එම ගංඟා සහ අතු ගංඟාවල ඔරු පැදීම, දියනෑම, ගංඟා හරහා ගමන් කිරීම ආදී කටයුතුවලදී සැලකිලිමත් විය යුතු බවත් සුගීෂ්වර මහතා කීවේය.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ගං වතුර අනතුරු ඇඟවීමක්