(ඉන්දිකා රාමනායක)
නාඋල බොබැල්ල ප්‍රදේශයේ පදිංචි වරෙන්තුකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා ගිය නාවුල පොලිසියේ කණ්ඩායමක් වෙත එම නිවසේ ඇති කළ සුනඛයකු කඩා පැන පොලිස් පරීක්ෂකවරයෙකුගේ වම් කකුල සපා කා තුවාල සිදුකර ඇතැයි නාඋල පොලිසිය පවසයි.
සිද්ධියෙන් තුවාල ලැබූ පොලිස් පරීක්ෂකවරයා දඹුල්ල රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇත.
මාතලේ මහේස්ත්‍රාත් අධිකරණයෙන් නිකුත් කළ වරෙන්තුවකට අනුව නාවුල පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා සහ පොලිස් කණ්ඩායමක් මේ ඊයේ (14) සැකකරුගේ නිවසට ගොස් සිටියදීය මෙම සිද්ධිය සිදුව ඇති බව පොලිසිය පවසයි.
පොලිස් නිලධාරීන් විසින් මහත් පරිශ්‍රමයක් යොදා සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
වරෙන්තුකරු අල්ලන්න ගිය අයි.පී ට බලු ප්‍රහාරයක්
Bunny Preena Friday, 15 September 2023 02:01 PM
රාජකාරියට බද්ධ කිරීම සහ තුවාල සිදුකිරීම කියලා බල්ලට නඩු දාන්නේ එහෙම නැතිද ?
chutteFriday, 15 September 2023 04:54 PM
බල්ලා හැංගිලාලු. ඒ මදිවට ඒ බල්ලට පිස්සු කියලත් කියනවා. සමහරු කියනවා පොලිස්කාරයාගෙන් බල්ලාට පිස්සුව බෝවෙලා කියලා...