IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


විරෝධයට විරෝධය - පින්කමත් කරයි

(අමදෝරු අමරජිව)

ත්‍රිකුණාමලය නගරසභා ක්‍රිඩාංගණය ඉදිරිපිට පිහිටි පුරාවිද්‍යා භූමිය අසල කුඩාරමක විරෝධතාවයේ යෙදුනු යාපනය දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රි එස්.ගජේන්ද්‍ර කුමාර් මහතා ඇතුලු පිරිස පලවාහැරිමට ත්‍රිකුණාමල දිසා ශාසනාරක්ෂක බල මණ්ඩලයේ හිමිවරුන් ඇතුලු පිරිසක් එම ස්ථානයට ළඟා වෙද්දි පොලිසිය හා පොලිස් විශේෂ කාර්ය බළකාය මන්ත්‍රිවරයා ඇතුලු පිරිස එම ස්ථානයෙන් ඉවත් කිරිමට කටයුතු කිරීම නිසා සිදුවන්නට ගිය ගැටුමක් වැලැක්වුණි.

ත්‍රිකුණාමල නගරයේ ඔරලෝසු කණුව ඉදිරිපිට පැයක විරෝධතාවයක් කළ හිමිවරුන් ප්‍රදේශවාසින් දහ ම්පාසල් ගුරුවරු මන්ත්‍රිවරයා විරෝධතාවයේ යෙදි සිටින ස්ථානයට පාගමනින් ළඟ වෙද්දි ආරක්ෂක අංශ ස්ථාන තුනකදි මාර්ගය හරස්කර ගමන වළකාලිමට ගත් උත්සහයන් අසාර්ථක විය.

මාර්ග බාධක පෙරලමින් ඉදිරියට ඇදෙන පිරිස හමුවේ ආරක්ෂක අංශ මන්ත්‍රිවරයා ඇතුලු පිරිසගේ විරෝධතාවය නොතකා බලහත්කාරයෙන් එම පිරිස ආරක්ෂිතව ඉවත්කර වෙනත් තැනකට රැගෙන යනු ලැබුහ.

විදේශ ආක්‍රමණ හමුවේ ලංකාවේ නැතිවි ගිය උපසම්පදා විනය කර්මය නැවත ආරම්භ කිරිමට සියම් දේශයෙන් පැමිණි හිමිවරු ත්‍රිකුණාමලය වරායෙන් ලංකාවට ගොඩබැස මැයි 14වන දිනට වසර 270ක් ගතවන අතර එම හිමිවරු දිනක් විවේක ගත් ත්‍රිකුණාමලය නගරසභා ක්‍රිඩාංගණය ඉදිරිපිට භූමියේ වසර 270ක ඉතිහාසය සිහිකරමින් සියම් හිමිවරුන් ද පැමිණි පිංකමමට  විරෝධය දක්වමින් මන්ත්‍රිවරයා ඇතුලු පිරිසක් කළ විරෝධය නිසා එම සැමරුම් පිංකම එම ස්ථානයේ පැවැත්විමට නොහැකි විය.

එයට විරෝධය පෑමක් ලෙස ත්‍රිකුණාමල දිසා ශාසනාරක්ෂක බලමණ්ඩලයේ හිමිවරුන් ඇතුලු ප්‍රදේශවාසින් දහම්පාසල් ආචර්යවරුන් ඊට විරෝධය පා  පුරාවිද්‍ය භූමියට ළඟාවිමට උත්සහ ගනිද්දි මෙලෙස මන්ත්‍රිවරයා ඇතුලු පිරිස එම ස්ථානයේ ඉවත් කිරිම කටයුතු කළේය.

පා ගමනින් පැමිණි හිමිවරුන් පුරාවිද්‍යා භූමිය ඇතුල් වි ප්‍රදේශවාසින් සමග ආගමික වතාවත් වල නියැලි 1753 මැයි 14 වැනි දින සියම් හිමිවරුන් දිනක් විවේක ගැනිම සිහිපත් කරනු ලැබිය.

ත්‍රිකුණාමල දිසා ශාසනාරක්ෂක බලමණ්ඩලයේ සභාපති කන්තලේ විමලසිරි නියෝජ්‍ය ලේඛකාධීකාරි ය අලුත්ඔය සද්ධාතිස්ස හිමිවරු මෙහිදි අදහස් දැක්වීය.

අනතුරුව ආශීර්වාද පිරිත් සජ්ජායනාවක් සිදුකර විසිර ගිය අතර ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක් සදහා පොලිසිය පොලිස් විශේෂ කාර්ය බළකාය හා යුද හමුදාව යොදවා තිබුණි.

 



අදහස් (7)

විරෝධයට විරෝධය - පින්කමත් කරයි

කිරිපුතා Sunday, 14 May 2023 03:22 PM

එය සිදුවිය යුතුයි. නැත්නම් ඉන්දියාවෙන් මෙහෙට පැනලා අපේ රටේ කෑලි ඉල්ලන නඩය තව උඩ යනවා. එයාලා හිතන් ඇත්තේ පිනට පත්වුණු කෙනා ඉන්නවනේ කියලා...!

:       9       45

පැරකුම් Sunday, 14 May 2023 03:45 PM

පාලකයින් තම ශුඛවිහරණය පිණිස නිර්මානය කළ ආගම්වාද, ජාතිවාද වැනි බෙදීම් නිසා රට විනාශය කරා ගමන් කිරීම වැළකිය නොහැක. මෙය නිවැරැදි කළහැකි පාලකයෙක් පෙනෙන මානයක නැත.

:       7       36

මුදිත Monday, 15 May 2023 09:23 AM

රටක ඉතිහාසය, සංස්කෘතිය නොදැන ජීවත්වන පරපුර, හිස නැති මළකඳන් වගේ...!

:       0       1

Jagath Wickramasekara Monday, 15 May 2023 06:40 AM

වර්ගවාදීන්ට හොඳ වෙලාවක්... රට කනවා.

:       0       0

jayasekara Monday, 15 May 2023 10:01 AM

මුන් ගිය උඩක්..... එතකොට දකුනෙ කොවිල් වල කරන සියලුම ආගමික උත්සව වලටත් ඔය දේම කරන්න ඕනෙ....මහ ජතියෙ විතරයි සංහිදියාව තියෙන්නෙ... මුන් ගාව එක නැහැනෙ.... යපනෙ දිස්්‍රික්කයෙන් කැම්පස් තෙරෙනෙ උන්ව එවන්න ඕන දකුනෙ කැඅම්පස් වලට... එක තමා විසදුම....

:       0       0

Senaka Monday, 15 May 2023 10:16 AM

කුරුක්කල්තුමාගෙනුත් අවසර අරන්නේ හාමුදුරුවෝ ඔය උත්සවය සංවිධානය කරලා තියෙන්නේ... දැන් කුරුක්කල්තුමා මේකට මොකද්ද කියන්නේ කියන එක පැහැදිලිව කියන්න ඕනෑ...

:       0       0

Bamunuarachchi Tuesday, 16 May 2023 10:05 AM

හාමුදුරුවනේ ඔතනින් නවතින්න එපා. එත් පරිස්සමින් මොකද දෙමළුන්ට ඕනේ සිංහලින් සමග ආරවුලක් ඇති කරගෙන ලෝකෙට පෙවන්න සින්හලයෝ දෙමලුන්ට ගහනවා කියා. අපි වෙන විකල්පයකට යමු. තව කරන්න දේවල් තිබෙනවා. උත්සවය නැවත පවත්වන්න රටේම ඉන්න බෞද්දයින්ට එන්න කියන්න. අපි එන්නම් කුරුඳු පොලුවල බෞද්ද කොඩිය ගැටගහගෙන.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 517 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 264 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1064 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site