(සුජිත් හේවාජුලිගේ)
ගෝඨාභය රාජපක්ෂ රජයේ වැරැදි ආර්ථික කළමනාකරණ තීරණ සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා විශේෂ විමර්ශනයක් ආරම්භ කළේය.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන විගණකාධිපති ඩබ්ලිව්.පී.සී. වික්‍රමරත්න මහතා ප්‍රකාශ කරන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝගයක් මත පදනම්ව මෙම විමර්ශනය ආරම්භ කළ බවයි.
එම විමර්ශන කටයුතු සඳහා නියෝජ්‍ය විගණකාධිපතිවරයකුගේ ප්‍රධානත්වයෙන් යුතු විගණන නිලධාරීහු කණ්ඩායමක්ද පත් කරනු ලැබ සිටිති.
අදාළ විගණනයට අවශ්‍ය කෙරෙන තොරතුරු ශ්‍රී ලංකා මහ බැංකුවෙන් සහ මහ භාණ්ඩාගාරයෙන්ද ලබා ගන්නා බව විගණකාධිපතිවරයා සඳහන් කළේය.
ඩොලරය රුපියල් 203 සීමාවේ පවත්වාගෙන යෑම මෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබා ගැනීමේ ප්‍රමාදය මේ වසරේ ජනවාරි 18 වැනි දා අමෙරිකානු ඩොලර් මිලියන 500ක ස්වෛරී බැඳුම්කර ආපසු ගෙවීම යනාදී කරුණු සම්බන්ධයෙන් මෙම විගණනයේදි තොරතුරු සොයා බැලෙනු ඇතැයි ජාතික විගණන කාර්යාලය පවසයි.
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජය යටතේ ගත් වැරදි ආර්ථික කළමනාකරණ තීරණ නිසා ජනාතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇතැයි පවසමින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් විභාගයට ගැනීමට ඉකුත් 7 වැනිදා අවසර දුන් ශ්‍රේෂ්ඨාධිකරණය ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ විස්තර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස විගණකාධිපතිවරයාටද නියෝග කළේය.
2025 දෙසැම්බර් මස 18
280
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
188
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
994
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වැරදි ආර්ථික තීරණ ගැන විගණන විමර්ශනයක්
amila Thursday, 13 October 2022 06:50 PM
ඒ ගත්ත තීරණවල ප්‍රතිපල දැන් ජනතාව බුක්ති විදිනවනේ. දැන් මොනවද දෙන දඬුවම් මේ රට බංකොලොත් කරපු එකට.