වැරදීමකින්, පාකිස්තානය දෙසට මිසයිල ප්‍රහාරයක් එල්ල කළ බව ඉන්දීය ආරක්ෂක අමත්‍යාංශය තහවුරු කර තිබේ.
එය තාක්ෂණික දෝෂයක් නිසා සිදුවුණු අවාසනාවන්ත සිදුවීමක් බවත්, ඒ ගැන දැඩි ලෙස කනගාටුවන බවත් ඉන්දීය ආරක්ෂක අමත්‍යාංශය පාකිස්තානයට දන්වා ඇත.
මෙම 'අත්වැරදීම' සිදුවී ඇත්තේ පසුගිය මාර්තු 9 වැනිදාය. ඒ, මිසයිල පද්ධති අලුත්වැඩියා කරද්දී සිදුවුණු තාක්ෂණික දෝෂයක් නිසා බව ද ඉන්දීය ආරක්ෂක අමත්‍යාංශය වැඩි දුරටත් පවසා ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විදිමත් විමර්ශනයක් ආරම්භ කිරීමට ද ඉන්දීය රජය පියවර ගෙන තිබේ. මිසයිල ප්‍රහාරයෙන් පාකිස්තානයේ කිසිවකුටවත් අනතුරක් සිදුවී නැත. දේපොල හානියක් ද සිදුවී නැත.
පාකිස්තාන හමුදාව පවසන පරිදි මිසයිලය පාකිස්තාන ගුවන් සීමාවට ඇතුළු වී කිලෝ මීටර් 100 ක දුරක් ගමන් කර තිබේ. ඒ, අඩි 40,000 ක් ඉහළින් ශබ්දයට වඩා තුන් ගුණයක වේගයකිනි. මිසයිලයට කිසිදු යුද ශීර්ෂයක් (පුපුරන ද්‍රව්‍ය) සම්බන්ධ කර නොතිබුණු බව ද පැවැසෙයි.
(එන්.ඩී.ටීවී.)
2025 නොවැම්බර් මස 04
578
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2273
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1705
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
වැරදීමකින් පාකිස්තානයට මිසයිලයක් යවලා
ravin Saturday, 12 March 2022 08:47 AM
ඔය කියන අත්වැරැද්ද යුද්ධයකට පරිවර්තනය වෙන්න ඉඩතිබුණා නේද? නරකද මුළු ලෝකයම අපිට විතරක් කියාදෙන්න හදන සහජීවන කට්ටිය අනිකුත් රටවලටත් සහජීවනය කියා දුන්නොත්?
Indika Saturday, 12 March 2022 09:34 AM
වැරදීමකින් අපේ පාර්ලිමේන්තුවට මිසයිලයක් යවන්න බැරිද?
Perera Saturday, 12 March 2022 12:02 PM
අපේ හමුදාවටත් ඔහොම ‘‘වැරදිලා‘‘ මල්ටි බැරල් එකක් හරි, RPG එකක් හරි, පාර්ලිමේන්තුවට යවාගන්න බැරිද?
de silva Saturday, 12 March 2022 12:44 PM
ඉන්දික මිසයිල නොව ජනතාව මගරැකලා ඉඳලා, යන එන හොරුන්ට ගල්ප්‍රහාර එල්ලකරන දිනය අතළඟයි...
NuwanSaturday, 12 March 2022 03:12 PM
වෙන රටවල එවැනි නිර්භීත අයුක්තිය අසාධාරණය නොඉවසන ජනතාව ඉන්නවා. අපේ රටේ නම් නැවත කිසිදාක දකින්න ලැබෙන්නේ නැහැ...
BamunuarachchiSaturday, 12 March 2022 03:57 PM
රා බීපු මීයෙකුත් බළලාගේ කරේ සීනුවක් එල්ලන්න කතා වුණා වෙරිමරගාතේ... හලෝ වෙරි බැස්සාම ලියපු ප්‍රතිචාර නැවත කියවා බලන්න.
Bamunuarachchi Saturday, 12 March 2022 03:54 PM
පුටින්ට වැරදුනොත් මාර වැඩක් වෙයි නේද?
Kumara Saturday, 12 March 2022 03:54 PM
ඇයි මැදමුලනට ගියොත් නරකද?
BamunuarachchiSaturday, 12 March 2022 04:43 PM
ජාතිය ගැන හිතන සිංහලයෙක් ඔහොම හිතන්නේ නැහැ. 2009 බැට කාපු දෙමළෙක් හැරෙන්නට.... ඒත් ගුණමකු සිංහලයිනුත් රටේ ඉන්නවා...
BamunuarachchiMonday, 14 March 2022 09:39 AM
ප්‍රභාකරන්ටත් බැරිවුණා නම් මැදමූලනට මොන බම්බුවක් කරන්නද?
fairoosTuesday, 15 March 2022 07:39 PM
බමුණා රාජපක්ෂ පවුලේ කෙනෙක් වගේ... බෝම්බ දාන්න ඕනෙ නැහැ... හෙණ වදිනවා...