(චන්ද්‍රෙස්න ගමගේ)
වීරකැටිය අත්තනයාල ප්‍රෙද්ශයේ පවුලක සමාජිකයින් පිරිසක් හා වීරකැටිය පොලීසියේ නිළධාරීන් පිරිසක් අතර ඇති වූ ගැටුම අතර තුරදී පොලීසිය විසින් අත් අඩංගුවට ගත් එකම පවුලේ සාමාජිකයින් 06 අතරින් පස් දෙනෙකු අද (07) දින වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 21 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට මහේස්ත්රා ත් මහේෂිකා විජේතුංග මහත්මිය නියෝග කළාය.
මෙලෙස බන්ධනාගාර ගත කරන ලද්දේ පවුලේ මව, දියණියක් සහ පුතුන් දෙදෙනාය. ගැටුම ට සම්බන්ධ පොලිස් අත්ඩඅංගුවට ගැනීමට නිමිතව සිටි පවුලේ පියා ඊයේ (6) දින නීතිඥයෙකු මාර්ගයෙන් වලස්මුල්ල මහේස්ත්රාැත් අධිකරණයට ඉදිරිපත් වූ අතර ඔහුද මහේස්ත්රානත් වරිය විසින් ලබන 21 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීය.
ඒ අනුව අද දින වලස්මුල්ල මහේස්ත්රාාත් අධිතරණයේ මහෙස්ත්රා ත් මහේෂිකා විජේතුංග මහත්මිය ගැටුමට සම්බන්ධ බවට චෝදනා ලැබූ සැකකරුවන් 05 දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළාය.
මහෙස්ත්රා්ත් වරිය විසින් බන්ධනාගාර ගත කරන ලද්දේ අබේවික්රෙම හිටිගේ සිරිල් (පියා) කෝංකඩුව ගමගේ පේමලතා(මව) අබේවික්ර ම හිටිගේ මධුෂිකා(දියණිය) අබේවික්රාම හිටිගේ පුෂ්ප කුමාර (පුතා) අබේවික්ර)ම හිටිගේ කැලුම් සදරුවන් (පුතා ) යන අයවලුන්ය.
පොලිස් අත් අඩංගුවේ පසුවන නදීස් මධුසංක හා ලසිත් කෞෂල්යත යන පුතුන් දෙදෙනා ඊයේ (6) දින අධිකරණයට ඉදිරිපත් කොට තිබුණේ නැත.
ඊයේ (6) දින වලස්මුල්ල මහේස්ත්රා්ත් අධිකරණයේ දී මෙම නඩුව කැද වූ අවස්ථාවේ පොලීසිය වෙනුවෙන් කරුණු ඉදිරිපත් කරන ලද්දේ දකුණු පළාත් බාර නියෝජ්යල පොලිස්පති කාර්යාලයේ සහකාර පොලිස් අධිකාරී වරයෙකි.ඔහු පැවසුවේ චෝදනා ලැබූ සැකකරුවන් මත්ද්රහව්ය වැටලීමකට ගිය තම නිළධාරීන්ට බාධා වෙන අයුරින් ප්රූචන්ඩ ලෙස හැසිරුණු බවයි.සැකකරුවන් කිහිප දෙනෙකු මත්දුව්යෙ භාවිතා කොට තිබුණු බවද ඔහු පැවසීය.
සැකකරුවන් බන්ධනාගාර ගත කරන ලෙසට සහකාර පොලිස් අධිකාරී වරයා මහෙස්ත්රා්ත් වරියගෙන් ඉල්ලීමක් කළේය.
සැකකරුවන් වෙනුවෙන් පෙනීසිටි නීතිඥයින් පවසා සිටියේ සිද්ධියට සම්බන්ධ ගැබිණි කාන්තාවක්ද අත් අඩංගුවට ගෙන ඇති බවත් සානුකම්පිතව සලකා බලා සැකකරුවන්ට ඇප ලබා දෙන ලෙසත්ය.
පොලීසිය පැවසුවේ පොලිස් බාරයට ගනු ලැබූ කාන්තාව චෝදනා වලින් ඉවත් කළ බවයි.එමෙන්ම මෙම ගැටුම අතරතුරදී උප පොලිස් පරීක්ෂක වරයෙකුගේ කන් දෙකම වෙන්වෙන ලෙසම සපා දමා ඇති බවත් ඔහු මේ වන විට කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්රවථිකාර ලබන බවත්ය.
කරුනු සලකා බැලූ මහෙස්ත්රානත් වරිය සැක කරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීය. සැකකරුවන් වෙනුවෙන් එස්.ගීගනගේ සහ ඩබ්ලිවු.එල්.හේරසිංහ යන නීතිඥ වරු පෙනී සිටියහ.
සැකකරුවන් ලබන 21 දින හදුනා ගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
387
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
226
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1019
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වීරකැටියේ සිද්ධිය: මව-පියා ඇතුළු එකම පවුලේ පහක් රිමාන්ඩ්
මොට්ටපාල Wednesday, 08 March 2023 05:54 AM
ඇත්තටම කෙනෙකුගේ කනක් කෑවාම ඒ මනුෂ්‍යයා අන්ත අඅසරණ වෙනවා මෙහෙම කල එවුන් වෙනුවෙන් පෙනීසිරීමත් පාප කර්මයක් .මෙහෙම වෙලාවට වරද කරුවන් හා උන්ට රැකවරණය දෙන අයටත් දඩුවම් දෙන්න නීති හදන්න ඕන එහෙම කලොත් මෙහෙම තියෙන රට හදන්න පුළුවන් වේවි