
(ෂේන් සෙනෙවිරත්න)
අකුරණ කුරුගොඩ ප්‍රදේශයේදී පුද්ගලයකුට වායු පිස්තෝලයකින් වෙඩි තැබීමට උත්සාහ කළ බව කියන පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
මිලිමීටර් නවය පිස්තෝලයකින් වෙඩිතැබීමට උත්සාහ කරන බවට අලවතුගොඩ පොලිස් ස්ථානාධිපතිවරයාට ලද දුරකථන ඇමතුමකට අනුව පොලිසිය වහාම එහි ගොස් සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ එම පිස්තෝලය මිලිමීටර් නවය වර්ගයේ පිස්තෝලයකට සමාන ජපානයේ නිෂ්පාදිත වායු පිස්තෝලයක් බවයි.
ඒ අනුව එම පිස්තෝලය සහ වෙඩිතැබීමට උත්සාහ කළ පුද්ගලයාද ඔහු පදවාගෙන ගිය ලියාපදිංචි නොකරන ලද ටොයොටා හයිලැක්ස් වර්ගයේ නවීන පන්නයේ කැබ්රියක්ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු අකුරුණ කුරුගොඩ පටු මාර්ගයක ගමන් කරමින් සිටියදී ඊට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි මෝටර් රථයකට පසුපසට ගන්නා ලෙස සැකකරු විසින් දන්වා ඇති අතර එය පිටුපසට නොගැනීම හේතුවෙන් කුපිත වූ සැකකරු එක්වරම පිස්තෝලයක් එළියට ගෙන ඔහුට වෙඩි තැබීමට උත්සාහ කරන අවස්ථාවේදී ඔහු වහාම අලවතුගොඩ පොලිස් ස්ථානාධිපතිවරයා දැනුවත් කොට එම ස්ථානයට පොලිස් කණ්ඩායමක් කැඳවා තිබේ.
2025 නොවැම්බර් මස 04
652
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2327
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1722
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
වායු පිස්තෝලයකින් වෙඩි තියන්න ගිය අයෙක් අත්අඩංගුවට
බකල ජයා Sunday, 25 May 2025 01:14 PM
මිනිස්සු ඉවසීම අනෙකාට සවන්දීම, ගැටලු නිරාකරණය වගේ සමාජ ගුණාංග වලින් සෑහෙන්න ඉදිරියට ගිහින්. තව තවත් ආගමික අධ්‍යාපනය වගේ ඒවා ප්‍රචලිත කිරීම වැදගත්...!
sidath Sunday, 25 May 2025 03:21 PM
මෙවැනි දේට මුල නම් අනෙකා ගැන නොසිතීම, මාන්නය සහ නූගත්කමයි.