IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


වියළි කහ සමඟ දෙදෙනකු මාට්ටු

( ටී.කේ.ජී.කපිල )

නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන ආ රුපියල් ලක්ෂ 70 ක් පමණ වටිනා වියළි කහ තොගයක් කටුනායක ප්‍රදේශය ඔස්සේ රැගෙන යමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු සමග අත් අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්යය බළකායේ නිලධාරීන් පිරිසක් සමත් වී තිබුණි .

කිලෝ ග්‍රෑම් 1,253 යි ග්‍රෑම් 700 ක් බරැති මෙම වියළි කහ තොගය රැගෙන , කටුනායක 18 කණුව මෙන්ඩිස් ක්‍රීඩාංගණය අසළින් ගමන් ගනිමින් සිටි පුද්ගලයන් දෙදෙනා සමග අත් අඩංගුවට ගැනීමට මෙම පොලිස් විශේෂ කාර්යය බළකායේ නිලධාරීන් කටයුතු කර තිබුණි .

 මීගමුව පිටිපන ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි වර්ණකුලසූරිය සුමුදු අසාන් ප්‍රනාන්දු සහ එම ප්‍රදේශයේම පදිංචි 45 හැවිරිදි වෑවලගේ රෝඩ්ලස් සුජීව යන පුද්ගලයන් දෙදෙනා , නීරෝධායන ලෙස මෙරටට ගෙනැවිත් ඇති වියළි කහ තොගයක් කටුනායක ප්‍රදේශය ඔස්සේ ප්‍රවාහනය කරමින් සිටින බවට ලද තොරතුරු මත , කටුනායක 18 කණුව මෙන්ඩිස් ක්‍රීඩාංගණය අසළ රැක සිට මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබුණි .

මෙසේ අත් අඩංගුවට ගත් වියළි කහ තොගය සහ ඒවා රැගෙන ගිය පුද්ගලයන් දෙදෙනා මේ වනවිට මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ .

 



අදහස් (0)

වියළි කහ සමඟ දෙදෙනකු මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31144 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13281 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10955 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 53 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 888 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 268 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site