(ඩයනා උදයංගනී)
කොවිඩ් ආසාදනය වී වයස අවුරුදු 30ට අඩු 150 දෙනෙක් මියගොස් ඇති බවත් ඒ අතරින් 96 දෙනකු වයස අවුරුදු 20ත් 30ත් අතර වයස් කාණ්ඩයේ පසුවන අය බවත් වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පැවසීය.
එබැවින් වයස අවුරුදු 20ත් 30ත් අතර කාණ්ඩයේ පසුවන සියලු දෙනා කොවිඩ් මර්දන එන්නත ලබාගැනීම ඉතා වැදගත් බව ද අධ්‍යක්‍ෂවරයා සඳහන් කළේය.
අවුරුදු 20ට වැඩි සියලු දෙනාට ලබාදීමට අවශ්‍ය එන්නත් මේ වන විටත් රට තුළ තිබෙන බවද සමිත ගිනිගේ මහතා කීවේය.
කොවිඩ් හේතුවෙන් සිදුවන මරණවලින් සියයට 85ක් පමණ 60ට වැඩි වයසේ පසුවන අය නිසා තරුණයින්ට ගැටලුවක් නැති බව ඇතැමුන් සිතුවත් එය එසේම වන බවට සහතිකයක් දිය නොහැකි බව ද හෙතෙම පැවසීය.
වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා මේ බව පැවසුවේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ දී අද (29) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
වයස 30ට අඩු 150ක් කොවිඩ් වැළඳී මරුට