(තිලකරත්න දිසානායක)
වයස අවුරුදු 15 ක දරුවකු පසුගිය අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිට බී සාමාර්ථ තුනක් ලබා සමත්ව ඇත.
කඩවත ප්‍රදේශයේ ජාත්‍යන්තර පාසලක 9 වෙනි ශ්‍රේණියෙහි දැනට ඉගෙනුම ලබන දෙවුම් සනහස් රණසිංහ නමැති මෙම දරුවා 8 වෙනි ශ්‍රේණියේදී අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගයට පෙනී සිට ඒ සාමාර්ථ - 6 ක්, බී සාමාර්ථ - 2 ක් සහ සී සාමාර්ථ - 1 වශයෙන් ලබා ඇත.
පහ වසර ශිෂ්‍යත්වයෙන් ලකුණු 173 ක් ලබා ගැනීමට සමත්ව ඇති සනහස් සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට ඇත්තේ වයස අවුරුදු 13 දීය.
ක්‍රිකට් ක්‍රීඩාවට දැඩි කැමැත්තක් ඇති සනහස් අනාගත අපේක්ෂාව නීති ක්ෂේත්‍රයට බව ඔහු පැවසීය.
දරුවන් තිදෙනෙකුගෙන් යුත් පවුලක වැඩිමහලා වන සනහස් මව සහ පියා ඔහු අධ්‍යාපනය ලබන විදුහලෙහි ගුරු භවතුන් ලෙස සේවය කරති.
සනහස් රාජ්‍ය විශ්ව විද්‍යාලයකට හෝ පෞද්ගලික විශ්ව විද්‍යාලයකට ඇතුලත් කිරීමට සාකච්ඡා කරන බව මව වන මල්කා රණසිංහ මහත්මිය සදහන් කළාය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
වයස 13 සාපෙළ ජයගත් සනහස් 15 උසස් පෙළ ජය ගනී
චින්තක Tuesday, 30 August 2022 05:43 AM
රාජ්‍ය විශ්ව විද්‍යාලයක නම් විවිධ ප්‍රශ්න මතුකර ඉඩක් නොදෙන්න හොඳටම ඉඩ තියෙනවා. බලන්න මෙම දරුවා කොපමණ දක්ෂ දරුවෙක්ද කියලා.. මෙහෙම අයට ලංකාවේ කිසිම ඉඩක් නැහැ. ඒ නිසා හැකියාව ඇති දරුවන්ට වයස නොබලා විභාගයට ඉදිරිපත් වෙන්න ඉඩකඩ සලසන්න ඕනෑ... මේ පුද්ගලික පාසල්වල තත්වය... මෙම පුතණුවන් ආචාර්ය හෝ මහාචාර්ය වෙනතුරු රජයේ විද්‍යාල වලින් පිටවෙන දරුවන්ට සාමාන්‍ය උපාධියවත් ගන්න බැහැ. මේ දරුවාට සකල සෞභාග්‍යය උදාවේවා...!
Bamunuarachchi Tuesday, 30 August 2022 10:27 AM
මගේ අදහස නම් පිටරට පෞද්ගලික විශ්ව විද්‍යාලයකට ඇතුලත් කිරීමයි. මොකද ඉහල ඉංග්‍රීසි දැනුමක් ලැබෙනවා. පිටරට යන බලාපොරොත්තුවක් තිබෙනවානම් PR ගැනීමේදී පිටරට පෞද්ගලික විශ්ව විද්‍යාලයක සහතිපත් වලට ඇති සැලකිල්ල වැඩී.
ganegoda Tuesday, 30 August 2022 11:24 AM
අති විශිෂ්ඨයි... සුබ අනාගතයක්...?
Kanthi Tuesday, 30 August 2022 12:42 PM
අතිවිශිෂ්ටයි, සතුටුයි දරුවෝ..!
දිමුත් Tuesday, 30 August 2022 01:12 PM
තෙරුවන් සරණයි!
Muditha Tuesday, 30 August 2022 02:13 PM
රජයේ පාසල් සිසුන්ට මෙය කළ නොහැක. උසස් පෙළ පෞද්ගලිකව අයදුම් කිරීමට ඔවුන් පාසල් හැර යාමේ සහතිකය ඉදිරිපත් කළ යුතුය. නිදහස් අධ්‍යාපනයේ පාර වැහිලා.