IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ව්‍යවස්ථාදායක සභාවේදී අද මොකද වුණේ?

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

මැතිවරණ කොමිෂන් සභාව  ඇතුළු ස්වාධීන කොමිෂන් සභාවලට   සාමාජිකයන් පත් කිරීම සඳහා  අයදුම්පත් කැඳවීමට අදාළ කටයුතුවල ප්‍රගතිය  සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේදී   අද (7)  දීර්ඝව සාකච්ඡා කෙරුණු බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.

මේ අතර ස්වාධීන කොමිෂන් සභා සඳහා සාමාජිකයන් පත් කෙරෙන ආකාරය සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කෙරුණු බව එම ආරංචි ආරංචි මාර්ග සඳහන් කළේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ (7)  පස්වරු3.00ට පැවැත්විණ.

එම සභාව ඊයේ රැස්වූයේ තුන්වැනි වතාවටය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව පසුගිය 25 වැනිදා සහ ජනවාරි මස 30 වැනිදා මෙයට පෙර රැස්විය.

ස්වාධීන කොමිෂන්  සභාවලට  සාමාජිකයන් තෝරා ගැනීම සඳහා අයදුම්පත් කැඳවා ඇති අතර   අයදුම්පත් බාරගැනීම ලබන 15 වැනිදායින් අවසන් වීමට නියමිතය.



අදහස් (0)

ව්‍යවස්ථාදායක සභාවේදී අද මොකද වුණේ?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 308 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 201 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site