
(අංජුල මහික වීරරත්න)
නොරොව්වෝල් - වාරියපොළ සම්ප්‍රේෂණ රැහැන් මාර්ගය සහ වාරියපොළ වහරු අංගනය ඉදිකිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ලංකා විදුලිබල මණ්ඩලය විසින් සකස් කරනු ලැබ ඇති 2025-2034 දිගු කාලීන සම්ප්‍රේෂණ සැලැස්ම තුළ සම්ප්‍රේෂණ සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් හඳුනා ගෙන තිබෙන අතර, ඒවා ප්‍රමුඛතා පදනම මත ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත.
නොරොව්වෝලේ - වාරියපොළ සම්ප්‍රේෂණ සංවර්ධන ව්‍යාපෘතිය දිවයිනේ වයඹ ප්‍රදේශයේ ඇති පුනර්ජනනීය බල ශක්ති මූලාශ්‍රයන් ප්‍රයෝජනයට ගැනීම පිණිස ක්‍රියාත්මක කිරීමට නියමිත ප්‍රමුඛතා ව්‍යාපෘතියක් ලෙස හඳුනා ගෙන තිබේ. වයඹ ප්‍රදේශය තුළ මෙගාවොට් 750 ට වැඩි පුර්නර්ජනනීය බල ශක්ති විභවයක් පවතින බවට ඇස්තමේන්තු කර ඇති අතර, එම ප්‍රදේශයේ පවතින විචල්‍ය ස්වභාවයෙන් යුතු පුනර්ජනනීය බලශක්ති මූලාශ්‍රයන් ජාතික විදුලි බල පද්ධතිය වෙත ඒකාබද්ධ කිරීම සඳහා පහසුකම් සැලසීමට ප්‍රධාන සම්ප්‍රේෂණ ජාල පද්ධතියක් ස්ථාපිත කිරීම සහ පුත්තලම අවට ඇති තොග විදුලි උත්පාදනයන් සම්ප්‍රේෂණය කිරීම මඟින් සම්ප්‍රේෂණ ජාලය තුළ අධිහාර අවහිරතාවන් අඩු කිරීම මෙම යෝජිත සම්ප්‍රේෂණ සංවර්ධන ව්‍යාපෘතියේ පරමාර්ථ වේ.
යෝජිත ව්‍යාපෘතිය යටතේ ඉදිකිරීම් සඳහා වන ඇස්තමේන්තුගත පිරිවැය රුපියල් බිලියන 24.06ක් වන අතර, මධ්‍ය කාලීන අයවැය රාමුව තුළ එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුව විසින් නිර්දේශ කර තිබේ. ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය අරමුදල් ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව වෙතින් සලසා ගැනීමට අපේක්ෂා කෙරේ. ඒ අනුව, නොරොව්වෝලේ - වාරියපොළ සම්ප්‍රේෂණ සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමටත්, ඒ සඳහා අවශ්‍ය අරමුදල් ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව වෙතින් සලසා ගැනීම සඳහා වන ඉදිරි පියවර ගැනීමටත් බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
2025 නොවැම්බර් මස 21
105
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
193
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1056
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
වයඹ පුනර්ජනනීය විදුලිය ජාතික පද්ධතියට