(පුෂ්පකුමාර ජයරත්න)
වයඹ පළාත තුළ වන අලින්ගේ තර්ජනයට ලක්ව තිබෙන පාසල් 240 ක් මේවනවිට හඳුනාගෙන ඇති බව වයඹ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ කාර්යාලය මගින් නිකුත් කරන ලද සංඛ්‍යා ලේඛනයකින් පෙන්වාදී තිබේ .
මේ අනුව වන අලි තර්ජන සහිත ප්‍රදේශ වල පිහිටි පාසල් සහ කෙලින්ම වන අලි පාසල් භූමියට ඇතුඵ වන පාසල් ලෙස වයඹ පළාතේ පාසල් හඳුනාගෙන තිබේ.
මෙම දත්ත සටහනට අනුව වයඹ පළාතට අයත් කුරුණෑගල සහ පුත්තලම දිස්ත්‍රික්ක වල පාසල් 179 ක් වන අලි තර්ජනයට ලක්ව ඇති අවදානම් කලාප වල පිහිටා තිබෙන අතර තවත් පාසල් 61ක් ඍජුවම වන අලි පාසලටම පැමිණෙන පාසල් ලෙසද හඳුනාගෙන තිබේ.
මෙම දත්ත සටහනට අනුව සුවිශේෂී තත්ත්වයක් වන්නේ මෙතෙක් කාලයකට වන අලි තර්ජනයක් එල්ලවී නොතිබුණු කුරුණෑගල දිස්ත්‍රික්කයට අයත් ඉබ්බාගමුව අධ්‍යාපන කලාපය තුළ පිහිටි පාසල් 4 ක්ද වන අලි තර්ජන වලට ලක්වූ පාසල් ලෙස හඳුනාගෙන තිබීමය.
මීට මාස කීපයකට පෙර සිටම නියඟය පැවති අවස්ථාවේදී කුරුණෑගල නගරාසන්නයටම වන අලි පැමිණීම් වාර්තාවූ අතර එහිදී වන අලියෙකු එල්ල කළ පහරදීමකින් එක් පුද්ගලයෙකුද මරණයට පත් විය. ඉන් අනතුරුව අවස්ථා කීපයකදීම වන අලි ඉබ්බාගමුව ප්‍රදේශයේ දින කීපයක්ම සැරිසුරූහ.
කුරුණෑගල දිස්ත්‍රික්කයට අයත් මහව අධ්‍යාපන කලාපයේ පාසල් 86 ක්ම වන අලි තර්ජන සහිත අවදානම් ප්‍රදේශ වල පිහිටා ඇති බවද තවත් පාසල් 38 කටම වන අලි පැමිණෙන පාසල් ලෙසද හඳුනාගෙන ඇති බව වයඹ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ මුදිතා ජයතිලක මහත්මිය අප කළ විමසීමකදී ප්‍රකාශ කළාය. මීට අමතරව නිකවැරටිය අධ්‍යාපන කලාපයේ පාසල් 57 ක්ම වන අලි තර්ජන සහිත අවදානම් ප්‍රදේශ වල පිහිටා ඇති බවද ජයතිලක මහත්මිය සඳහන් කළාය.
පුත්තලම දිස්ත්‍රික්කයේ පුත්තලම අධ්‍යාපන කලාපයට අයත් පාසල් 32 ක්ම වන අලි තර්ජන වලට මුහුණපා සිටින අවදානම් ප්‍රදේශ වල පිහිටා ඇති බව පෙන්වා දෙන පළාත් අධ්‍යක්ෂවරිය තවත් පාසල් 23 කටම වන අලි පැමිණෙන බවද පැවසීය.
මෙසේ වන අලි තර්ජන එල්ලවී තිබුණද මෙතෙක් එම පාසල් වල ඉගෙනුම ලබන සිසුන්ට පාසල් කාර්ය මණ්ඩල වලට හෝ දෙමාපියන්ට කිසිදු හානියක් සිදුව නැති බව සඳහන් කරන ජයතිලක මහත්මිය නමුත් වන අලින්ගේ ප්‍රහාර වලින් පාසල් රැසක භෞතික සම්පත් වලට හානි සිදුව තිබෙන බව කීවාය.
" වන අලින් පාසල් භූමියට ඇතුඵ වෙලා භෞතික සම්පත් වලට හානි සිදු කිරීම බරපතළ ප්‍රශ්නයක් වෙලා තිබෙනවා. මේ නිසා පාසල් මෙන්ම දරුවන් පාසල් කාර්ය මණ්ඩල සහ දෙමාපියන් රැක ගැනීම සඳහා පාසල් භූමිය ආවරණය වන ආකාරයට ආරක්ෂක විදුලි වැටවල් ඉදි කිරීම සුදුසු බවට කළ යෝජනාවක් කුරුණෑගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව වෙත මා මේවනවිට ඉදිරිපත් කරලා තිබෙනවා " යැයිද මුදිතා ජයතිලක මහත්මිය ප්‍රකාශ කළාය.
2025 දෙසැම්බර් මස 18
240
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
175
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
981
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වයඹ පාසල්වලට වන අලි තර්ජන