(සුජිත් හේවාජුලිගේ )
විදුලිය බිල යළිත් වරක් වැඩිවීම හේතුවෙන් කම්හල් සහ ව්‍යාපාර ස්ථාන පහළොස් දහසත් විසි දහසත් අතර සංඛ්‍යාවක් ඉදිරියේදී වැසී යෑමේ බරපතළ අවදානමක් මතුව ඇතැයි ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා රජයට පෙන්වා දෙයි.
අද රටේ බොහෝ කම්හල් සහ ව්‍යාපාරික ස්ථාන අධික විදුලි බිල හේතුවෙන් පවත්වාගෙන යන්නේ ඉතාම අමාරුවෙන් බවද ඔහු සඳහන් කළේය.
ජනතාවගේ මෙම ප්‍රශ්නයට රජය කඩිනම් විසඳුමක් දීම ඉතා වැදගත් බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා විදුලිය අඩුවෙන් වැය වන විදුලි බල්බ සහනදායි ක්‍රමයට හෝ නොමිලයේ හඳුන්වාදීම, සූර්ය පැනල ඉතා අඩු වාරික යටතේ ගෙවීමේ ක්‍රමයට ලබා දීම වැනි ප්‍රායෝගික ක්‍රියාමාර්ගවලට යොමු වියයුතු බවද සඳහන් කළේය
විදුලිය පරිභෝජනය අඩු කිරීම සඳහා විවිධ විකල්ප ක්‍රම අත්හදා බැලීම සහ ඒවා ජනතාවට හඳුන්වා දීමට රජය කටයුතු කළ යුතු බවත් මේ සම්බන්ධයෙන් විධිමත් වැඩපිළිවෙළක් සකස් කිරීමට ඒ පිළිබඳ අවබෝධයක් ඇති විද්වතුන්ට විශේෂඥයන්ට පැවරිය හැකි බවත් ඔහු ප්‍රකාශ කළේය.
අධික විදුලි බිල,ඉන්ධන මිල ඇතුළු හේතු කාරණා හේතුවෙන් කම්හල් සහ විවිධ ව්‍යාපාරික ස්ථාන ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් දැනටමත් වැසී ගොස් ඇතැයි පැවසූ ගාමිණී වලේබොඩ මහතා මේ ආයතන බොහොමයක් වැසී ගියේ කොරෝනාවලින් පසුව ආර්ථිකයේ ඇතිවූ අර්බුදය හේතුවෙන් බවද ප්‍රකාශ කළේය.
අධික විදුලි බිල හේතුවෙන් ක්ෂුද්‍ර ,සුලු හා මධ්‍යම පරිමාණයේ ව්‍යවසායකයන්ට විඳීමට සිදුවී ඇති දුෂ්කරතා ගැන ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ
විශේෂ අවධානය යොමුවී ඇත. ඒ සම්බන්ධයෙන් විසඳුමක් ලබාදීම සඳහා විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය,කර්මාන්ත අමාත්‍යාංශය සහ මුදල් අමාත්‍යාංශය ඒකාබද්ධ කර වැඩපිළිවෙලක් කඩිනමින් පිළියෙල කරන ලෙස කාරක සභාවේ සභාපති ගාමිණී වලේබොඩ මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
2025 දෙසැම්බර් මස 18
106
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
146
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
946
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ව්‍යාපාර විසිදහසක් වැසීයාමේ අවදානමක්?
සුපුන් Saturday, 04 November 2023 08:44 PM
ටිකක් ඉන්නකෝ... 2048 වෙනකම්..!
Jayavardhana Sunday, 05 November 2023 05:06 AM
බයවෙන්නේ මොකටද මන්ත්‍රිතුමා ඉන්දියාවේ ඔක්කෝම හොඳින්ම වැඩනේ... අපිට තියෙන්නේ අඩුපාඩු ගෙන්වීම පමණයි. එහෙම කළාම රේගු ආදායම් වැඩිත් වෙනවා නොවැ. වියතුන් උඩ දමාගෙන දැඟලුවේ ඕකට කියලා අපිට නම් අමතක වෙලා නැහැ IMF එකෙන් ණයට ගන්නවා. ඇති හැකි අයට අස්වැසුම හරහා බෙදා දෙනවා. එච්චරයි වෙන්න ඕනෑ. අස්වැසුම නැත්නම් සමුර්ධි දෙනවා අවුරුදු තිහක් සමුර්ධි දුන්නත් සමුර්ධිමත් වෙච්චි එකෙක් නැහැ.... අපි කුඩාකාලයේ ලංකාව ආසියාවේ සංවර්ධනය වෙමින් පවතින රටක් කියලා වයසට ගිහිල්ලා ඉඳගෙන ලංකාව ආසියාවේ වලපල්ලට යමින් පවතින රටක් කියමුකෝ...!