(නිමල කොඩිතුවක්කු)
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් ඉලක්ක ගත දැවැන්ත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සමගි ජන බලවේගය සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී ප්‍රකාශ කළේය.
ව්‍යාපාරිකයන් දේශපාලනඥයන්ගේ වහලුන් නොවිය යුතු බවත් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් වෙනුවෙන් එක නීති පද්ධතියක් ක්‍රියාත්මක කිරීම සඳහා පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් පෙනී සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
දේශපාලකයන්ගේ වහලුන් බවට ව්‍යාපාරිකයන් පත් නොකොට ඔව්න්ගේ ප්‍රශ්නවලට උත්තර ලැබෙන ක්‍රමවේදයක් රට තුළ ඇති කිරීම සිදුවිය යුතු බවත් කොළඹ විපක්ෂ නායක කාර්‍යාලයේදී සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් හමු වූ අවස්ථාවේ දී ඔහු පැවසීය.
ධන කුවේරයන්ගේ ණය කපා දැමීමට රජය පසුගිය කාලයේ ක්‍රියා කළත් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ ණය අය කර ගැනීමට දරුණු ක්‍රමවේද භාවිත කිරීම තරයේ හෙළා දකින බවත් ඔහු සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 16
92
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
895
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
620
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ව්‍යාපාරිකයන් දේශපාලනඥයන්ගේ වහලුන් නොවිය යුතුයි
සමරගේ Sunday, 21 May 2023 05:01 PM
ඒ වගේම දේශපාලුවන් ව්‍යාපාරිකයන්ගේ වහල්ලු වෙන්නත් හොඳ නෑ. ජෝ සිම් තමයි ඉස්සෙල්ලම මතක් වෙන ව්‍යාපාරිකයා
SUNIL MILANO Sunday, 21 May 2023 05:23 PM
මෙයානම් නියම බඩුව .එදා ඉඳලම ජීවත්වෙන්නේ ව්‍යාපාරිකයන් රවට්ටගෙන කට ඇරියොත් කියන්නෙම බොරු .ලැජ්ජාව කියලා දෙයක් නැද්ද මන්දා ?
Gajaman Sunday, 21 May 2023 09:23 PM
කිව්වොත් ගොං කතාවක් තමයි. ටැක්ස් ගහන ගැහිල්ල උංගෙ වහලුන් කියල හිතාගෙන හොරකං වල පාඩු පියවන්න කරපු අමු අසාදාරණ හිඟමන් කර්තව්යයක් බව නුඹ නොදන්නේද ?
Saththaya Monday, 22 May 2023 07:06 AM
බලන්න ...මේ වගේ අලයක් වගේ මොලයක් ලෝකේ කොහෙවත් නැහැ .
සාර්කැස්ටික් Monday, 22 May 2023 07:27 AM
දේශපාලන පුවත් සම්ප්‍රප්ඵලාප ඉලිප්පීම හෙළාදකිමි... ජපානයේ පත්තරවලත් මෙහෙමද...?