IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ව්‍යාපෘති කළමනාකරණ ඒකක 55ක් වසාදැමෙයි

(ඩයනා උදයංගනී)

විශාල සේවක පිරිසක් සහිතව ක්‍රියාත්මක වන ව්‍යාපෘති කළමනාකරණ ඒකක 55ක් වසා දැමීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත.

එමෙන්ම තවත් ව්‍යාපෘති කළමනාකරණ ඒකක 32ක කටයුතු අත්හිටුවීමටත්, තවත් ඒකක 46ක් අවම සේවක පිරිසක් යටතේ පවත්වාගෙන යෑමටත් තීරණය කර ඇත.

ව්‍යාපෘති කාර්යාල සහ ව්‍යපෘති කළමනාකරණ ඒකක සමාලෝචනය කිරීමේ කමිටු වාර්තාව අනුව අමාත්‍ය මණ්ඩලය විසින් එම තීරණය ගත් බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

හිටපු අමාත්‍යංශ ලේකම්වරයෙකු වන එච්.ටී. කමල් පද්මසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් එම කමිටුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත්කර තිබුණි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (7) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

එම කාර්යාලවල උපෙදේශකයින් ඇතුළුව විශාල සේවක පිරිසක් ඉහළ වැටුප් තලයන්ට බඳවා ගෙන ඇතැයි ද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.



අදහස් (1)

ව්‍යාපෘති කළමනාකරණ ඒකක 55ක් වසාදැමෙයි

sharm warn Tuesday, 07 February 2023 12:20 PM

අප්පේ ,මේ තියෙන්නේ දේශපාලුවන්ගේ හෙන්චයියන් වපුරපු රාජ්‍ය ආයතන ඒකක .උන්ම කෙලවලා උන්ටත් කෙලවිලා කියලා තේරිලා .උන්ම වහනවා .රට දියුණු වෙලා නම් මේ මිනිස්සුන්ගේ රස්සාවල් නැති කරන්නේ මොකෝ

:       2       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 308 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 201 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site