
( බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බොරලැස්ගමුව වේරහැර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඉදිරිපිට රියදුරු පාසලක් තුළ රහසිගතව පවත්වාගෙන ගිය ව්‍යාජ ලෙස රියදුරු බලපත්‍ර සකස් කර දෙන මධ්‍යස්ථානයක් වටලා එහි හිමිකරු සහ තවත් පුද්ගලයකු ව්‍යාජ රියදුරු බලපත්‍ර සහ හොරෙයින් මත්කුඩු සමග අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.
එම සැකකරුවන් සමඟ ජාතික හැඳුනුම්පත් දෙකක් ,විදේශ ගමන් බලපත්‍රයක්, තාවකාලික රියදුරු බලපත්‍ර නවයක්, රියදුරු බලපත්‍ර ( කාඩ්) හතරක්, ව්‍යාජ ලෙස තාවකාලිකව රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීමට සූදානම් කර තිබූ දත්ත ඇතුළත් පරිගණක යන්ත්‍රයක්, හොරයින් මත්කුඩු ගෑම් 5 මිලිගෑම් 250 ක් පොලිස් භාරයට ගෙන ඇත.
රියදුරු බලපත්‍ර කාඩ්පත් විදේශගත වන පුද්ගලයන්ට පමණක් මෙම දිනවල නිකුත් කරන අතර එම ක්‍රියාදාමයට මුවාවී බොරලැස්ගමුව වේරහැර මෝටර් රථ දෙපාර්තමේන්තුව ඉදිරිපිට රියදුරු පාසලක් තුළ ඉතා අධික මිලකට රියදුරු බලපත්‍ර සහ තාවකාලික බලපත්‍ර අලෙවි කරන බවට නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට ලද තොරතුරක් අනුව වැටලීම සිදුකර ඇත.
මෙම ස්ථානයෙන් දුර බැහැර ප්‍රදේශවල සිට පැමිණෙන පුද්ගලයන්ගෙන් රියදුරු බලපත්‍ර කාඩ් පත සකස් කිරීම සඳහා රුපියල් 25,000 ක මුදලක් ද තාවකාලිකව යුතු බලපත්‍රයක් සකස් කිරීම සඳහා රුපියල් 15000 ක් වැනි අධික මුදලක් අය කර ඇතැයි මෙතෙක් සිදුකළ මූලික විමර්ශනවල විමර්ශනවලදී අනාවරණය වී ඇත.
2025 දෙසැම්බර් මස 18
523
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
269
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1067
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ව්‍යාජ ලේඛන සකසන මධ්‍යස්ථානයක් වටලයි
heleya Monday, 19 June 2023 09:30 AM
හෙළ දේ අගයමු!