(අමිල චින්තක ගමගේ)
කොළඹ ආනන්ද විද්‍යාලයේ සිංහල සාහිත්‍ය සංගමය හත්වන වරටත් සංවිධානය කළ ‘‘ආනඳ පැහැසරණිය‘‘ සාහිත්‍ය කලා මහෝත්සවයේ සම්භාවනා මාධ්‍ය සාහිත්‍ය සම්මානය දිනා ගැනීමට ලංකාදිප පුවත් පතේ “විමංසා සාහිත්‍ය අතිරේකය“ සමත් විය.
ආනන්ද විද්‍යාලයීය දරුවන් හා සෙසු පාසල්වල දරු දැරියන්ගේ සහභාගීත්වයෙන් සාහිත්‍ය තරඟාවලියක්ද සංවිධානය කර තිබූ අතර එහි ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට සහතික පත්‍ර ප්‍රදානය කිරීමද මෙහිදී සිදුවිණි.
සම්මාන ප්‍රධානයේදී අදහස් දැක්වූ ආනන්ද විද්‍යාලයේ විදුහල්පති එස්.එම්.කීර්තිරත්න මහතා සඳහන් කළේ තාක්ෂණය ප්‍රමුඛ වී ඇති කාලයක මානවයා හා සාහිත්‍ය අතර ඇති කේන්ද්‍රීය සබඳතාව මත හා සහෘද සුභාවිතය තව තවත් ප්‍රවර්ධනය කිරීමේ අභිලාශයෙන් “අනඳ පැහැසරණිය“සාහිත්‍ය කලා මහෝත්සවය අඛණ්ඩව සංවිධානය කරන බවයි.
ඡායාරූප - ළහිරු හර්ෂණ
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
‘‘විමංසාව‘‘සම්භාවනා මාධ්‍ය සාහිත්‍ය සම්මානය දිනා ගනී
වින්ද්‍යා Saturday, 20 October 2018 05:29 AM
ශාලාව පිරෙන්න සෙනග නෑනේ