IMG-LOGO

2025 නොවැම්බර් මස 03 වන සඳුදා


විමල් මහින්ද බලන්න යයි

(අංජුල මහික වීරරත්න)

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බැහැ දැකීමට තංගල්ල කාල්ටන් නිවසට අද(16) ගියේය.

මහින්ද රාජපක්ෂ මහතා හමුවීමෙන් අනතුරුව විමල් වීරවංශ මහතා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් මෙසේ පවසයි.

 "දශක ගණනාවක් පුරා පෝෂණය වූ එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය යුදමය වශයෙන් පරාජය කිරීමේදී ඒ වෙනුවෙන් දේශපාලන නායකත්වය ලබාදුන් 5 වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා, එතුමාට ඇති ජීවිත තර්ජනයන්ද නොතකා වත්මන් පාලකයින්ගේ තීරණය අනුව කොළඹ නිල නිවස නැවත බාරදී තංගල්ල කාල්ටන් නිවසට පසුගිය දිනක ගිය පුවත ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝකය පුරා වැඩි අවධානයක් දිනාගත් පුවතක් විය.

දේශපාලනමය වශයෙන් කොතෙක් විසම්මුතින් තිබුණ ද ත්‍රස්තවාදය පරාජය කිරීමට එතුමා ලබා දුන් දේශපාලන නායකත්වයට කෘතගුණ සැලකීමක් ලෙස මමත්, ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක ජයන්ත සමරවීර ඇතුළු ජාතික නිදහස් පෙරමුණේ නියෝජිතයිනුත් අද (16) තංගල්ල කාල්ටන් නිවසේදී එතුමා හමුවී එතුමාගේ සුවදුක් විමසා අපහට දැක්විය හැකි කෘතගුණය දක්වනු ලැබුවෙමු"

 



අදහස් (13)

විමල් මහින්ද බලන්න යයි

ගමේ එකාලා Tuesday, 16 September 2025 07:28 PM

විමලසිරියා කොහොම හිටපු කෙනෙක් ද කියලා දන්නෝ හොඳාකාරවම දන්නවා .මහින්දයාගේ සාටකේ එල්ලිලා ගොඩ ගියා.හොරකම් වන්චා දූෂණ කරපු හැටි අමුතුවෙන් කියන්ඩ ඕනේ නැහැ .

:       5       10

වින්සන්ට් කජ්ජා Tuesday, 16 September 2025 07:51 PM

මිනිසා සහ කපුටා 2.0 - බල්ලා සහ මැක්කා.

:       3       8

නිමල්කා Tuesday, 16 September 2025 08:16 PM

ස්තුතියි විමල්, ඔබයි ගම්මන්පිලයි කිව්ව දේ මහින්ද මහත්තය ඇහුවනම් අපේ රටත්, මහින්ද මහතත්, ඔබලත් අපිත් සියල්ලන්ටම ජය. මෙහෙම වහල්ලු වෙන්නැහැ. රාජපක්ෂ මැතිතුමා නිදුක් නිරෝගී වෙත්වා.

:       7       7

විපරමා Tuesday, 16 September 2025 10:29 PM

යුද්දෙන් සුද්දේ දුන්නා.හමුදාපතිව හිරේ දැම්මා.යුද්ධය අවසන් වෙලා,වසර 16ක් ගතඋනා...නූපන් දරුවන් පවා ලෝකෙටම ණයකාරයෝ කරලා රටම විනාස කෙරුවේ කව්ද කියන එකත් ලෝකෙම දන්නවා .ජීවිත තර්ජනයක් තියෙන්නේ,මාරයාගෙන් තමා,ඒකෙන් නම් ගැළවෙන්ඩ කිසිම ජගතෙකුට බැහැ.රජකම් කෙරුවත් කළකම් පළදෙනවාමයි .

:       5       11

Pradeep Kumara Tuesday, 16 September 2025 10:37 PM

බල්ලා නැතුව මැක්කන්ට ඉන්න හිටින්න විදියක් නෑ. මැක්කො ඔක්කොම කලබල වෙලා තියෙන්නේ ඒකයි.

:       5       9

Jagath Leanage Tuesday, 16 September 2025 11:48 PM

විමල් එන්න පරක්කු උනාට මහින්ද පොලවෙ පස් කකා අඩ අඩ හිටියේ.

:       4       6

චතුරි Wednesday, 17 September 2025 05:47 AM

ඉස්සර. මැතිවරන කාලේදි මිනිසුන් කොටවන්න. කටින් බෝම්බ පත්තු කරන්න මොනවද නොකෙරුවෙ. නාකි මයිනයි බෙලෙක් කටයි. මුන්ට ලන්කාවම තයි හොද මේ විදියට ඉන්න නැත්නම් දැක්කානේ නේපාලයේ. ගොබ්බයින්ට වුනදේ. මුන් හිතන් ඉන්නේ ජනතාව මෝඩයි. ජනතාව දුන්න බලයෙන් ජනතාවටම කෙලවන්න ඇවිත් ඇන ගත්තා

:       4       8

Perera Wednesday, 17 September 2025 07:04 AM

මැක්කන්ට බල්ලා නැතුව පැවැත්මක් නැහැනේ

:       4       7

Rohana Wednesday, 17 September 2025 07:58 AM

දේශපාලන නායකත්වය වගේම යුද්ධයට නායකත්වය දුන් හිටපු හමුදාපති සරත් පොන්සේකා මහතා අමතක කරන්න බැහැ. සරත් පොන්සේකා මහතා නොසිටින්නට ප්‍රභාකරන් තවමත් ජීවතුන් අතර ඉන්න තිබුනා.

:       3       7

සිවකුමාර Wednesday, 17 September 2025 11:17 AM

යුද්ධය අවසන් කිරීමට දේසපාලන නායකත්වය දීම ගැන අපගේ ස්තූතිය එකෙන්ම පළ කරනවා.. රටට ශුද්ධය දීම ගැන නම් පුදුම තරහක් තියෙන්නේ... ඒක කාටවත් නැහැයි කියන්න බැහැ. උසාවියෙන් ම තීන්දුව දීලා තියෙන්නේ... මහින්ද මහත්තයාට දැන් මරණ තර්ජන මාරයාගෙන් තමයි.

:       2       5

fairoos Wednesday, 17 September 2025 11:48 AM

පිහිය රත්තරන් කියලා ඒකෙන් බෑ නේද ? යුද්ධ ඉවර කළ ගෞරවයට තමයි එදා දෙවැනි පාරට ජනතාව චන්දේ දුන්නේ.

:       1       5

යෝගා සහ ගුණරත්න ඩෝබි සමාගම Wednesday, 17 September 2025 12:53 PM

මුං වාගේ මහින්ද වටේ ඉන්න අපතයෝ සෙට් එක තමයි මහින්දවයි, රටයි කෑවේ. මහින්දට හොරා කියලා ලේබල් එක ගැහුවාට, මුළු රාජපක්ෂ පරම්පරාවම කරපු හොරකං වලට වඩා අති විශාල ධනස්කන්ධයක් වටේ ඉන්න අපතයෝ සෙට් එක මහින්දගේ පිහිටෙන් හොරකං කලා

:       1       7

Nandalal DE SILVA - France Thursday, 18 September 2025 05:54 PM

තැඹිලි ගෙඩියකුයි, මාරි බිස්කට් පැකට් එකකුයි අරගෙනද දන්නෙ නෑ, තුන්මුල්ලේ පංචායුධ විමලෙ, මැදමූලන මයිනා වන්දනාවේ ගියේ. දැන් ඉතින් ලව් එක ගැන කථා කරලා වැඩක් නැහැ. හොරු දෙන්නම දෙශපාලන මැච්වලින් අවුට් වෙලා ගොඩක් කල් වෙනවා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1902 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1521 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 532 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site