IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


විමල බුද්ධි ලෙස පෙනී සිටි සිවුරු දැරූ පුද්ගලයාට ඇප

(රෝෂන් තුෂාර)

සුනඛයෙකුට සිවුරක් පිරවීම ඇතුළු බුදු දහමට නිගා වන අයුරින් "ටික් ටොක්" වීඩියෝ අන්තර්ජාලයට මුදාහල රත්නපුරේ විමල බුද්ධි නොහොත් "විශ්ව බුද්ධි මුනි" නමින් හඳුන්වාගත් චීවරධාරියා රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්  ප්‍රසන්න අල්විස් මහතා අද  (09) නියෝග කළේය .

සැකකරු කළේ යැයි කියන ප්‍රකාශය අන්තර්ජාතික සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනතේ (ICCPR) තුන වගන්තිය ගැනෙන වරදක් බවට අනාවරණය නොවන හෙයින් සැකකරුට ඇප ලබාදෙන බවට සඳහන් කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා එම පනත යටතේ ඇප ලබා දුන්නද ආගමට අපහාසයක් කිරීම සම්බන්ධයෙන් දණ්ඩන නීති සංග්‍රහය යටතේ ගැනෙන වැරදි සම්බන්ධයෙන් නඩුව පවරා පවත්වාගෙන යෑමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හැකියාවක් ඇති බවට දන්වා සිටියේය .

සැකකරුට එරෙහිව මුදල් විසුද්දී කරන පනත යටතේ නඩුව පවරා පවත්වාගෙන යෑමට අදහස් කර ඇති බව සඳහන් කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැකකරුගේ බැංකු ගිණුමට පසුගිය මාස 10 ඇතුළත රුපියල් මිලියන තුනක මුදලක් බැර වී ඇති බවට සඳහන් කළේය .

සැකකරු ආගම් අතර වෛරයක් ඇතිවෙන පරිදි  අන්තර්ජාතික සිවිල් අයිතිවාසිකම් සම්මුති පනතේ සඳහන් වරදවල් කර නොමැති බව මහේස්ත්‍රාත්වරයා සිය නියෝගය මගින් පෙන්වා දුන්නේය .

2007 අංක 56 දරණ සිවිල් හා අයිතිවාසිකම් සම්මුති පනතේ තුන එක වගන්ති යටතේ හා දණ්ඩ නීති සංග්‍රහය 290,291 වගන්තිය යටතේ වරදවල් සිදු කිරීමට එරෙහිව සැකකාර හිමි දෙසැම්බර් 13 වෙනි දින අත්අඩංගුවට ගෙන  අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාර ගත කළේය .



අදහස් (3)

විමල බුද්ධි ලෙස පෙනී සිටි සිවුරු දැරූ පුද්ගලයාට ඇප

Chamila Fernando Tuesday, 09 January 2024 01:08 PM

ආගමකට අගරු කිරීම වෙනුවෙන් දඩුවම් දෙන නීතියක් නැද්ද ?

:       3       10

නිහාල් Tuesday, 09 January 2024 04:16 PM

චීවර දරාගෙන සමලිංගික සේවනය කරමින් ආගමට අපහාස කරපු අයට දෙන දඬුවම මොකක්ද?

:       0       0

Bamunuarachchi Wednesday, 10 January 2024 03:52 AM

දැන් තිබෙන්නේ මුට ගමේ මිනිස්සු සලකන්න.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 182 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 159 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 961 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site