IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


විමල්ට බන්දුලගෙන් සැර පිළිතුරක්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

මාර්ග අනතුරු වළක්වන වැඩපිළිවෙලක් සම්බන්ධයෙන් තමා ඉදිරිපත් කරන තොරතුරුවලට  සවන් දීමට  මේ උත්තරීතර සභාව සූදානම් නැත්නම් ඒ පිළිබඳ තොරතුරු ඇතුළත් වාර්තාව පුස්තකාලයේ තැබීම සඳහා සභාගත කරන බව ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (22) පැවසීය.

නුවරඑළිය හැටන් මාර්ගයේ රදැල්ල ප්‍රදේශයේදී  පසුගිය ජනවාරි මාසයේදී හත් දෙනෙකුට මරු කැඳවමින් සිදුවූ රිය අනතුර සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍යවරයා ප්‍රකාශයක් කිරීමට සූදානම් වූ අවස්ථාවේදී  කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විමල් වීරවංශ මහතා රටේ සිදුවන අනතුරු සම්බන්ධයෙන් අමාත්‍යාංශ ප්‍රකාශ නිකුත් කිරීමට ගියොත් පාර්ලිමේන්තුවට  වෙන වැඩක් නැති වේවි යැයි  සඳහන් කරමින් ඊට  විරෝධය පළ  කළේය. අමාත්‍යවරයා ඉහත ප්‍රකාශය කළේ ඒ අවස්ථාවේදීය.

මේ එහිදී ඇතිවූ සංවාදයයි.

විමල් වීරවංශ මහතා

රිය අනතුරක් ගැන මොකක්ද මේ කරන අමාත්‍යාංශ ප්‍රකාශය. කවුරුත් මේ සභාවේ  රිය අනතුරක් ගැන ප්‍රශ්න කළේ නෑ. අපිත් ඇමැතිකම් කරලා තියෙනවා. රිය අනතුරු වෙන තරමට ඇමැතිවරුන්  ප්‍රකාශ කරන්න ගියොත් මෙතන මොකුත් කරන්න වෙන්නේ නෑ.

ගුණවර්ධන මහතා:

ඔබලා  තේරුම් ගන්න මේක විශාල අනතුරක්.

වීරවංශ මහතා:

මිනිස්සු මැරෙන අනතුරු ඔක්කොම විශාල  තමයි.

ගුණවර්ධන මහතා:

මේ රිය අනතුර සුවිශේෂ එකක්. ප්‍රවාහන අංශවල අවධානය යොමු කිරීමට මේ වාර්තාව සකස් කළේ.

මම ඒක පුස්තකාලයේ තබනවා අවශ්‍ය කෙනෙකුට කියවා ගන්න පුළුවන්.  මනුෂ්‍ය ජීවිත හතක් නැතිවෙලා. ඒකට විසඳුම් ඉදිරිපත් කළාම ඒක අවශ්‍ය නැද්ද. ඒක බාර ගන්න මේ උත්තරීතර සභාව සූදානම් නැත්නම්  වාර්තාව  සභාගත කරන්නම්.  උනන්දුවක් නැති වීම ගැන මම කනගාටු වෙනවා.

වීරවංශ මහතා ( සිනහමුසු මුහුණින් යුතුව)

වාර්තාව සභාගත කිරීම ගැන එතුමාට ස්තූතිවන්ත වෙනවා. අපි ඒ වාර්තාව අධ්‍යයනය කරන්නම්. මීට පස්සේ මේ රටේ රියඅනතුරු වෙන්නේ නැති බවට  සහතිකයක් දෙනවා. අපි ඒ ගැන ඔබතුමාට ගරු කරනවා.



අදහස් (8)

විමල්ට බන්දුලගෙන් සැර පිළිතුරක්

ගමේ එකාලා Wednesday, 22 February 2023 04:47 PM

රටේ කොහේ බැලුවත් රිය අනතුරු. සමහර ඒවා මාරන්තිකයි.. සදහටම බලයේ ඉන්න හදන ආර්තික ඔස්තාර්ට නම් ප්‍රශ්නයක් නැතුව ඇති...

:       7       15

වටලප්පන් Wednesday, 22 February 2023 04:58 PM

දෙන්නාම හරිම වාහෙලා තමයි. ලැහැස්ති වෙන්න ඊළඟ ඡන්දෙදි ගෙදර යන්න.

:       38       28

Dasa P Wednesday, 22 February 2023 05:47 PM

දෙන්නම එකයි.

:       39       19

Aravinda Monavila Wednesday, 22 February 2023 05:59 PM

රිය අනතුරු ගැන නෙවෙයි ඒවා වළකාගන්න ක්‍රමයක් තමයි රටට ඕනෑ කරන්නේ...!

:       1       56

සිතුම් Wednesday, 22 February 2023 06:51 PM

ඒකනම් විමල්ගේ මෝඩකමක්. පහසු තැනිතලා පාරේ දුවන පලපුරුදු නැති මගි බස් රියැදුරන් හා නඩත්තු නැති බස්ට්‍රිප් යන්න දුන්නාම මාරාන්තික අනතුරු වෙනවා. ඉස්සර වගේ ට්‍රිප් යන්න සංචාරක සමාගම්වල බස් හා ඒ සමාගම් වල ඉන්න උඩරට පාරවල් පුරුදු රියැදුරන්ට පමණක් අවසර දිය යුතුයි. පාසල් ට්‍රිප් වලට ඒක අනිවාර්ය කළ යුතුයි.

:       8       20

sujeewarThursday, 23 February 2023 11:35 AM

දිනකට අධික වියදමක් දරමින් රැස්වන පාර්ලිමේන්තුව තුල මෙවැනි මාතෘකා කතා කරමින් කාලය වැය කල යුතු සමයකද අපි සිටින්නේ ?

:       0       1

චන්දන Wednesday, 22 February 2023 08:46 PM

මේවා නිකං කයිවාරුවලට සීමාවෙලා... පාරේ යන හැමෝම දන්නවා මෝටර් සයිකල්, ත්‍රීවීලර්, බස් , ට්‍රක්රථ වගේ ඒවා යනහැටි... අනතුරු අඩුවෙන් වෙන්නේ කාර්වල... මේ වගේ අනතුරු දායක ලෙස පාරේ යන වාහනවලට පොලිසිය නීතිය ක්‍රියාත්මක කරන්න. එතකන් ඔය කයිවාරු විතරයි...

:       0       0

සමන් Thursday, 23 February 2023 06:59 AM

විමල් කියන දේ හරි. එය අනික් අය තේරුම් නොගැනීමයි කණගාටුව...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 429 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 601 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 242 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site