
(රෝෂන් තුෂාර)
අධිකරණ ශාලාව තුළ විත්ති කූඩුවේ සිටියදී වෙඩිවැදී මිය ගිය පාතාල කල්ලි සාමාජිකයෙකු වූ ගනේමුල්ලේ සංජීව නමැත්තා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයන්ට සියලු සහයන් ලබා දෙන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය ප්‍රධාන අධිකරණ රෙජිස්ටාර්වරයාට අද (19) නියෝග කළාය .
සිද්ධියට අදාල සියලු සීසී ටීවී දර්ශන විමර්ශන අංශයන්ට ලබා දෙන ලෙසට ද රෙජිස්ටාර්වරයාට වරයාට නියෝග කළාය.
සංජීව වැඩි වැදී මිය යෑම සම්බන්ධයෙන් කෙසෙල්වත්ව පොලිසිය ගොනු කළ බී වාර්තාවත් සලකා බැලීමෙන් පසුව මෙම නියෝග නිකුත් කළාය.
කෙසෙල්වත්ව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුජිත් ප්‍රියන්ත මහතා මගින් මෙම බී වාර්තාව අධිකරණයට ඉදිරිපත් කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් කරුණු වාර්තා කළ පොලිස් නිලධාරින් අධිකරණයට කියා සිටියේ අදාළ සිදුවීම සම්බන්ධයෙන් එම අවස්ථාවේදීම පුළුල් විමර්ශනයක් ආරම්භ කළ බවය.
ඊට පොලිසියේ විවිධ අංශ සහය දක්වා ඇති බවත් සීසීටිවි දර්ශන තවදුරටත් ලබා ගැනීමට ඇති හෙයින් අදාළ දර්ශන ලබා දෙන ලෙසට රෙජිස්ටාර්වරයාට නියෝග කරන ලෙසත් ඉල්ලා සිටියේය.
මරණ පරීක්ෂණය සූදානම් කර ඇති හෙයින් ඒ සම්බන්ධයෙන් නියෝග නිකුත් කරන ලෙස ඉල්ලා සිටියේය .
ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය ඉල්ලා සිටින ලද අදාළ නියෝග නිකුත් කරමින් මරණ පරීක්ෂණය එතුමියගේ සහභාගිත්වයෙන් පස්වරු දෙකයි තිහට සිදු කරන බවත් ඊට අදාළ කටයුතු සම්පාදනය කරන ලෙසත් නියෝග කළාය.
2025 නොවැම්බර් මස 04
835
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2478
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1779
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
විමර්ෂණවලට සහය දෙන්නැයි මහේස්ත්‍රාත්ගෙන් නියෝගයක්