IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


වෙබ්ලිවත්ත ඉසිපතන ආරණ්‍යය සේනාසනයට පොලිසියෙන් ආධාර

(චමිල් රෑපසිංහ)

පිණ්ඩපාතයෙන් දානමය අවශ්‍යතාවය පිරිමසා ගන්නා මෙහෙණින් වහන්සේලා 20 ක් පමණ භාවනායෝගිව සිටින උඩුනුවර වට්ටප්පල වෙබ්ලිවත්ත  ඉසිපතන ආරණ්‍යය සේනාසනයට වෙලම්බඩ පොලිස් ස්ථානයේ පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුලු පොලිස් නිලධාරින් පිරිසක් විසින් ආහාර ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමක් අද (04) සිදුකෙරිණි.

මේ දිනවල පවතින ඇදිරි නීති තත්ත්වය හේතුවෙන් පිණ්ඩපාතයේ යෑමට හැකියාවක් නොමැති බවත් ආරණ්‍යය සේනාසනයට කිලෝ මීටර් 3 ක් පමණ දුරක් පැමීණීමට යුතු බත් එම නිසා දායක පිරිස් හට පැමිණිමට නොහැකි තත්වයක්ද පවතින බවත් ඉසිපතන ආරණ්‍යය සේනාසනයේ ප්‍රධාන මෙහෙණින් වහන්සේ වන අස්වැද්දුමේ සුදේශිකා මෙහෙනින් වහන්සේ පැවසුහ.

ආරණ්‍යය සේනාසනයට අසල දායක දායිකාවන්ගෙන් දානමය කටයුතු ලැබුණත් මෙහෙනින් වහන්සේලා විශාල ප්‍රමාණයක් සිටින නිසා මේ දිනවල දානමය කටයුතු සඳහා දැඩි අපහසුතාවයක් පවතින බවත් ඉසිපතන ආරණ්‍යය සේනාසනයේ ප්‍රධාන මෙහෙණින් වහන්සේ සඳහන් කළහ.

 

 

 

 

 



අදහස් (8)

වෙබ්ලිවත්ත ඉසිපතන ආරණ්‍යය සේනාසනයට පොලිසියෙන් ආධාර

අත්තා Saturday, 04 April 2020 12:24 PM

සාදු!... සාදු!! .. සාදු!!!

:       0       98

කමල් Saturday, 04 April 2020 01:38 PM

සාධූ! සාධූ! සාධූ!

:       0       95

Champa Saturday, 04 April 2020 05:22 PM

හරිම හොඳ පින්කමක් පොලිසියේ මහත්තුරු කරලා තියෙන්නේ. මිනිස්සුන්ට දානේ දෙන්න යන්නත් විදිහක් නැති හින්ද මේ වෙලාවේ මෙහෙණින්නාන්සේලා වෙනුවෙන් කරලා තියෙන්නේ ඉතා උතුම් ක්‍රියාවක්. ලොකු පන්සල් වලින් හුඟක් ප්‍රසිද්ධිය දීල කොරෝනා අරමුදලට මුදල් දුන්න බව ඇත්ත වුනත් මේ වගේ ඈත පිටිසර පන්සල් ගැනත් සොයා බැලුව නම් හොඳයි නේද? අන්තිම පන්සලට පිහිටට හිටියේ පොලිසිය.

:       0       53

chandana Sunday, 05 April 2020 02:12 AM

මෙවන් සත්පුරුෂයන් දකින්න ලැබීමත්, මෙවන් ක්‍රියා උතුම් දැකගන්න ලැබීමත් මහා වාසනාවක් .... සාදු! සාදු! සාදු!

:       0       59

Keppetipola Sunday, 05 April 2020 02:46 AM

මේ පොලිසියේ මහත්වරුන්ට කවදාවත් වරදින්නේ නැත. මේ මහා පුණ්‍යකර්මයට ඔවුන්ට මෙන්ම ඔවුන්ගේ පවුල්වල අයටත් දෙමාපියන්ටත් විශාල පිනක් ලැබෙනු ඇත.

:       0       129

rasika Sunday, 05 April 2020 12:16 PM

එක්රැස් වී ෆොටෝ ගැනීමෙන් වළකින්න. ඩෙංගු මර්දනයට මේ හොදම වෙලාව....

:       19       0

පවන් Monday, 06 April 2020 09:54 AM

අපට වැරදුන තැනක් ඇත. එය නිවැරදි කර ගනිමු මේ රට මේ විපතින් ඉක්මනින්ම මිදෙනු ඇත. මේ මිහිතලය අපට පමණක් නොව සතා සිව්පාවටත් අයිති සේ සලකා දැන්වත් කටයුතු කරමු පරිසරයට ආදරය කරමු... අසීමිත ආශා පසුපස හඹායන තරඟය පාලනය කරමු පන්සිල් රකිමු.

:       0       1

ඉන්දීවරී මානවසිංහ Tuesday, 07 April 2020 04:37 AM

පාලිත තෙවරක් පෙරුම, රන්ජන් අල්පොන්සෝ මේ ස්ථානවලට නොයන්නේ මේ මෙහෙනියන්ගේ චන්දය අයත් වන්නේ වෙනත් දිස්ත්‍රික්කයකට නිසාද? අනේ වාසේ.

:       50       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1941 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1537 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 539 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site