IMG-LOGO

විපක්ෂ මන්ත්‍රීවරු විස්සක් විවාදයක් ඉල්ලා සජිත් එක්ක හිටගනිති



(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ඊශ්‍රායල ඉරාන යුද්ධය සම්බන්ධයෙන් විවාදයක් ලබාදෙන්නැයි විපක්ෂ නායක ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරු විසිදෙනෙක් සිය අසුන් වලින් නැගිට අද(18)  පාර්ලිමේන්තුවේදී ඉල්ලීමක් කළහ.


විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා

මම යෝජනාවක් ඉදිරිපත් කරනවා. මන්ත්‍රීවරුන් විස්සක් අනුමැතිය ලබාදී තිබෙනවා. ඊශ්‍රායල ඉරාන යුදමය තත්ත්වය හේතුවෙන් බරපතල තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. අපේ රටේ දහදාහත් විසි දාහත් අතර පිරිසක් ඊශ්‍රායලයේ රැකියා කරනවා. ඒ අයගේ ජීවිත පිළිබඳ පිළිබඳව බරපතල අවදානමක් මතුවෙලා තියෙනවා. අපේ රටේ තේ ගමනාන්තයක් වෙලා තියෙනවා ඉරානය.

 අපේ රටේ මුහුණ දී ඇති තත්ත්වය ගැන සාකච්ඡාවක් කරන්න අවශ්‍යයි. යුදමය තත්ත්වය නිසා තෙල් මිල හරහා ඇති විය හැකි බලපෑම විශේෂයි. ඒ තත්ත්වය ආර්ථික වර්ධනයට තදින්ම බලපානවා. සේවා පද්ධතියට කෘෂිකාර්මික පද්ධතියට බලපානවා. සමස්ත ජනපරපුරටම බලපානවා.

සීමා සහිත න්‍යෂ්ටික යුද්ධයක බලපෑමක් ඇතිවෙලා තියෙනවා. කලාපීය ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්න මතුවෙලා තියෙනවා. හදිසි තත්ත්වයක් මත මේ පිළිබඳව හැකිනම් අද දිනයේ විවාදයක් ලබාදෙන්න. නැත්නම් හෙට දිනයේ විවාදයක් දෙන්න. ස්ථාවර නියෝග අත්හිටුවලා කරමු.

 මොකක්ද මෙතන රජයේ ස්ථාවරය මැදිහත්වීම. මොකක්ද රජය ලබාදෙන උත්තර. ඇමතිවරු තනි තනිව කරන ප්‍රකාශ වලින් සෑහීමට පත්වෙන්න බැහැ. ඔබතුමාගෙන් උත්තරයක් බලාපොරොත්තු වෙනවා. දැනටමත් මේක පරක්කුයි.


අද බැරිනම් හෙට දෙන්න. සෑහෙන වෙලාවක් වෙන් කරන්න. අපිට මේ විවාදය අවශ්‍යයි.

මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා

මේක ජාතික වශයෙන් වැදගත් කාරණයක්. අද සවස තුනහමාරට මේ විවාදය ගන්න පුළුවන්. අපි මේ ගැන අද කතා කරමු.

සභානායක බිමල් රත්නායක මහතා

මේක ඉදිරියට යන්න ආණ්ඩු පක්ෂයේ සහය අවශ්‍ය වෙනවා. ස්ථාවර නියෝග අනුව මේ ප්‍රශ්නය සලකා බලන්න කැමතියි.

සජබේ යෝජනාවක් තවත් තියෙනවා. ඒක නැතුව මේක ගන්න කැමතිනම් අපි එකඟයි. ඊයෙත් මේ කාරණය ගැන විවාදයක්  ගියා. විපක්ෂ නායකතුමා ඔබතුමාගේ පණ්ඩිතයන් එක්ක යන්න ගිහිල්ලා ඔබතුමාලා අමාරුවේ වැටෙනවා. විපක්ෂ නායකතුමා මේ කාරණය පැහැදිලිව කිව්වා.

ගීතා හේරත් මන්ත්‍රීවරිය මේ කාරණය ගැන ඊයේ කතා කළා.  ඇමතිවරයා උත්තර දුන්නා. අද වුණත් මේක ස්ථාවර නියෝග යටතේ ඉදිරිපත් කරන්න තිබුණා. නමුත් කළේ නෑ. මේක තුනහමාරේ ඉඳලා පහමාර දක්වා කරන්න අපි එකඟතාවය දෙනවා. 

මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා

මෙතන නායකයෝ වැඩිවෙන්නේ මෙතන පක්ෂ ගොඩක් තියෙනවා. මේක දෙන්නෙක්ගෙ තුන්දෙනෙක්ගෙ ප්‍රශ්නයක් නොවෙයි. ඊයේ ප්‍රශ්න වගයක් අහලා උත්තර දුන්නා. අපි කියන්නේ මෙතන පැහැදිලි විවාදයක් කරන්න ඕන කියලා.

විපක්ෂ නායක

විවාදය ලබාදීම ගැන ස්තූතිවන්ත වෙනවා. විවාදයට පැය දෙකක් ප්‍රමාණවත් නැහැ. අද සවස සහ හෙට දවස ලබාදෙන්න. වැඩිවෙලාවක් අවශ්‍යයි. අපි බාලයො එක්ක නෙවේ කටයුතු කරන්නේ. පණ්ඩිතයෝ ටිකක් එක්ක කටයුතු කරන්නලැබුණු එක ගැන සතුටු වෙනවා.



 

 



අදහස් (6)

විපක්ෂ මන්ත්‍රීවරු විස්සක් විවාදයක් ඉල්ලා සජිත් එක්ක හිටගනිති

රම්බොඩ Wednesday, 18 June 2025 11:43 AM

පාර්ලිමේන්තු ඇවිත් කාලා බීලා සැපට ඉඳලා යන එකේ කාලෙ කා දාන්නත් මොනව හරි තියෙන්න එපැයි

:       2       2

පිටරටවැසියා Wednesday, 18 June 2025 12:22 PM

පණ්ඩිතයෝ එක්ක කටයුතු කරන්න ලැබුණට, පණ්ඩිතයාට ඒ දණ්ඩෙන් යන්න බැහැයි කියලා කතාවකුත් තියෙනවා. එතකොට තමයි අඬන්න වෙන්නෙ.

:       1       5

Perera Wednesday, 18 June 2025 01:13 PM

ඔලුවෙන් හිටගෙන බලන්න

:       1       3

රුවන් Wednesday, 18 June 2025 01:17 PM

අහක යන නයි රෙද්ද අස්සේ දා ගන්න සූර හපන්නු.

:       1       4

පම්පොරි ජනක Wednesday, 18 June 2025 02:14 PM

බංකොලොත් සිලින්ඩර් සජබයියෝ බලාගෙන ඉන්නේ ලෝකේ මොකක් හරි ප්‍රශ්නයක් වෙනකන් පාර්ලිමේන්තුවට ඇවිල්ල " ආණ්ඩුව දැන් මේ සඳහා ගන්න පියවර මොකක්ද " කියල අහ අහ වාතවෙන්න

:       0       4

චතුරි Thursday, 19 June 2025 07:41 AM

මේ කට්ටියට බොරැල්ලේ කනත්ත ලෑස්‍ති කරලා දෙන්න. කටින් බතල හිටවන්න ඇවිත්. කනත්ත තමයි හොඳ. ඒ රටවල තිබුනත් ඒ මිනිස්සු හොඳට කාලා බීලා ඉන්නවා. මේ ගොල්ලන්ට දැන්නම් ජනතාව ගැන හරි කැක්කුමයි. බලාගෙන කිරි එරෙන්න ගනියි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 16 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 600 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 124 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site