
කලහකාරීව හැසිරුණැයි චෝදනා ලැබූ ඉන්දීය පාර්ලිමේන්තුවේ විපක්ෂ මන්ත්‍රීවරුන් 78 දෙනකුට පාර්ලිමේන්තුව තහනම් කර ඇත.
පසුගිය දිනෙක, ඉන්දීය පාර්ලිමේන්තුවේ (ලොක්සභාවේ) ආරක්ෂක වළලු බිඳ දමමින්, විරෝධතාකරුන් දෙදෙනකු සභාගර්භයට කඩා වැදී දුම් බෝම්බ දැල්වීය.
මෙය පාර්ලිමේන්තුවේ ආරක්ෂාවට විශාල තර්ජනයක් විය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂ මධ්‍යම රජය, වහා පැහැදිලි කිරීමක් කළ යුතු යැයි විපක්ෂ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුව තුළ කලහ කළහ.
මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුව තහනම් කෙරුණේ මෙම සිද්ධිය මුල්කොට ගනිමිනි. තහනමට ලක්වුණු මන්ත්‍රීවරුන්ගෙන් 33 දෙනකු පහළ මන්ත්‍රී මණ්ඩල සාමාජිකයන් වන අතර, 45 දෙනකු ඉහළ මන්ත්‍රී මණ්ඩල සාමාජිකයන්ය.
(එන්.ඩී.ටීවී.)
2025 නොවැම්බර් මස 04
79
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2020
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1562
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
විපක්ෂ මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුව තහනම්