IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


විපක්ෂයේ හතරක් ආණ්ඩුවට?

 

(සුජිත් හේවාජුලිගේ)

ජනාධිපතිවරයා ලබන 2 වැනිදා පාර්ලිමේන්තුව අමතන අවස්ථාවේදී විපක්ෂයේ මන්ත්‍රීවරුන් සිවු දෙනෙකු ආණ්ඩු පක්ෂයේ අසුන් ගැනීමට සූදානමින් සිටින බව ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් පැවසේ.

එම මන්ත්‍රීවරුන් සිවු  දෙනා සමග ආණ්ඩුව දැනටමත් සාකච්ඡා පවත්වා අවසන් බවද   ආරංචි මාර්ග සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් අප සමගි ජන බලවේගයේ නායකයෙකුගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ එවැනි ආරංචියක් තමාටද ලැබුණු බවයි.

මේ අතර රාජිත සේනාරත්න, ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සහ  පාඨලී චම්පික රණවක යන මහත්වරුන්ද ආණ්ඩුව සමග සන්ධානගත වීමට සූදානම් වෙමින් සිටින බව රජයේ ප්‍රකාශකයෙක් පැවසීය.

ජනාධිපතිවරයා ලබන 2 වැනිදා උදේ 9.30 ට පාර්ලිමේන්තු අමතමින් විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය. එම ප්‍රකාශයෙන් අනතුරුව ඊට පසු දින ජනාධිපතිවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් විවාදයක් ලබාදීමට ආණ්ඩුව අදහස් කරගෙන සිටින බව වාර්තාවේ.

 



අදහස් (14)

විපක්ෂයේ හතරක් ආණ්ඩුවට?

Buddika Saturday, 29 June 2024 05:39 PM

රාජිත,ගොන්සේක පක්ශ කීයක හිටිය ද?ඒ පනිනනෙ තනතුරු වෙනුවෙන්.අනිත් පනිනවා යැයි කියන අය පනින්නෙත් වරප්‍රසාද වෙනුවෙන්.ඒ පනින රිලව් ස්ථිර ලෙසම ඉදිරි ඡන්දෙන් ගෙදර

:       3       22

Jagath Saturday, 29 June 2024 05:46 PM

සරත් ෆොන්සේකා ගැන ඉතාමත්ම කණගාටුයි.

:       4       28

sachithSaturday, 29 June 2024 10:31 PM

ඇත්ත මහින්ද 2015 ජනපතිවරණයෙන් පැරදුනාම ගෙදර හිටියානම් සරත් ෆොන්සේකා දේශපාලනයට ආවේ නැත්නම් මැරෙනකල්ම මිනිස්සු ගරු කරන චරිත දෙකක් වෙනවා

:       0       9

අජිත් සේනාධීර Saturday, 29 June 2024 05:58 PM

එහෙට මෙහෙට ආවට ජනතාව ඔවුන් සමග නැහැ

:       4       20

ඉන්දික Saturday, 29 June 2024 06:51 PM

ඉස්සරහට එන ඡන්දෙන් ඇපත් නැහැ කියලා දන්නවා. එහෙම එවුන් පනිනවා. ඡන්දෙ කරන්න ඕන නැහැ ඔය පැන්නහම ලොකු මුදලක් ලැබෙනවා. ඒ ඇති පරම් පරා ගානකට

:       4       20

රංබොඩ Saturday, 29 June 2024 06:55 PM

ඔය කවුරුවත් ආණ්ඩුවට එනව නෙවෙයි. වාසි පැත්තට එනවා. මරු බඩුු ටිකක් එන්නෙ. රනිල් ලොක්කා තියෙන ඡන්ද ටිකත් නැති කරගන්නවා

:       3       20

පිටිගල මිලානෝ Saturday, 29 June 2024 07:20 PM

හැත්ත බුරුත්ත එකට තියලා ගෙදර යවන්න ලෙහෙසියි. ඉතුරු හොරු ටිකත් මේ වගේ මහ හොරාටම එකතු වුණා නම් රටටම ලෙහෙසියි...

:       0       2

සිල්වා Saturday, 29 June 2024 08:28 PM

ඔක්කොම ගෙදර යන ගමන් ආණ්ඩුවට ගොඩවෙලා යති.

:       4       21

Pradeep Kumara Saturday, 29 June 2024 08:47 PM

කීයද දන්නෑ මෙයාලගෙ ලංසුව? ඔන්න ජනතාවනි ඊලඟ සැරේ ඡන්දෙකදි මෙයාලා ගැන හොඳින් බලා ගන්න.

:       2       14

chandima Saturday, 29 June 2024 09:05 PM

මුන් ඔක්කෝම එකයි මල්ලි

:       1       13

ගමේ එකාලා Saturday, 29 June 2024 09:09 PM

අවස්තාවාදී ,ආත්මාර්තකාම් බලලෝබී බඩගෝස්තරවාදී දේසපාලුවෝ .එහෙට මෙහෙට පැනපු අයට අන්තිමට පස්ස බිම ඇනගන්ඩ තමා වෙන්නේ?

:       1       15

fairoos Sunday, 30 June 2024 11:28 AM

එකම විසදුම් එන් පි පි

:       2       3

Rata Perata Sunday, 30 June 2024 01:18 PM

පනින උන්ට එන්න දෙන්න එපා ඡන්දේ ඉල්ලන්න අපි පඩි දිලා මුන්ව යවලා තියෙන්නේ ජනතාවට ඕන දේ කරන්න මිසක් ගෙම්බෝ වගේ සල්ලි වලට පනින්න නෙමෙයි

:       1       2

de silva berlin Sunday, 30 June 2024 05:17 PM

225 තුල සිටින ඔය ලොකු නම් තිබෙන, පැති මාරු කරමින් තිබුණු ආණ්ඩුවල බොරු කියමින් ලොකු ලොකු තනතුරු දරපු 175 පමණ ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණ ජනතාව විසින් ගෙදර අරින බව දන්නවා. ඔවුන් දැන් කරන්නේ යන යකා කොරහත් බිඳගෙන යනවා වගේ යනකොට වාහන පෙර්මිට් එකක, බාර් ලයිසන් එකක්, පැට්‍රල් ෂෙඩ් එකක, කොමිස් කුට්ටියක්, පැතිමාරු කරාට කෝටි කිහිපයක් අරන් යන එක...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 551 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site