
(සුජිත් හේවාජුලිගේ)
පාතාල ක්‍රියාකාරකම් සහ රටේ ආරක්ෂක තත්වය සැලකිල්ලට ගෙන තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පිස්තෝල වහාම නිකුත් කරන ලෙස විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසි දෙනෙකු පාර්ලිමේන්තු ප්‍රධානීන්ගෙන් සහ ආරක්ෂක අංශ ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කර ඇත.
මේ සම්බන්ධයෙන් අප පාර්ලිමේන්තුවේ උසස් නිලධාරියකුගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ එම ඉල්ලීම් ආරක්ෂක අමාත්‍යාංශයට දැනටමත් යොමු කර ඇති බවයි.
කෙසේ වෙතත් පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරුන්ට පිස්තෝල ලබාදීමට රජය තීරණය කර නැතැයි ආරංචි මාර්ග සඳහන් කළේය.
පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරුන්ට මීට පෙර පිස්තෝල ලබා දුන් නමුත් නව රජය බලයට පත්වීමෙන් පසු එය නතර කෙරිණ.
එසේ නතර කර ආරක්ෂා තර්ජන සම්බන්ධ විශ්ලේෂණයකින් තහවුරුවන මන්ත්‍රීවරුන්ට පමණක් පිස්තෝලය ලබාදීමට රජය තීරණය කළේය. ඒ අනුව එම පිස්තෝලය හිමි වන්නේ දැනට මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුට පමණි.
මේ අතර තමන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කරුණු විමසීමට පොලිස්පතිවරයා පාර්ලිමේන්තුවට කැඳවන්නැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් කතානායකවරයාගෙන් පසුගියදා ඉල්ලීමක් කළහ.
මේ අනුව කතානායකවරයා සහ එම මන්ත්‍රීවරුන් අතර සාකච්ඡාව පෙරේදා පැවැත්විණ.
තමාට ජීවිත තර්ජනයක් ඇති බව පොලිස්පතිවරයාගේ වාර්තාවක සඳහන් වන්නේ යැයි සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතාද කතානායකවරයාට පසුගියදා දැනුම් දුන්නේය.
2025 දෙසැම්බර් මස 18
30
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
121
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විපක්ෂයේ මන්ත්‍රීලා විස්සක් පිස්තෝල ඉල්ලති
maalaka Saturday, 01 November 2025 11:33 AM
කිසිම කෙනෙකුට පිස්තෝල දෙන්න එපා. එච්චරයි.... තමුන්ට ඔය තරමටම තර්ජන නම් අස්වෙලා ගෙදර යන්න.
විනිවිදිවිසි Saturday, 01 November 2025 12:10 PM
පිස්තෝලේ දික්කරපු හින්දා තමයි නිට්ටඹුවේදි අර මන්තිරියාටයි, ආරක්ෂකයටයි වැඩේ සිද්ධ වුනේ. මේ අය සාමාන්‍ය ජනතාවට පාට් දාන්න තමයි ඔය ආයුධ ඉල්ලන්නේ. නමුත් මිනිස්සු එකතුවෙලා ඉන්නකොට අවුස්සා ගත්තොත් සෙත්තපෝච්චි තමයි...
විපරමා Saturday, 01 November 2025 04:33 PM
විපක්ෂයේ ඉන්න දූෂිත දේශපාලුවෝ පිස්තෝල ඉල්ලන්නේ මොකක් හරි ගේමක් දෙන්න හිතාගෙනද කියන්ඩ බැහැ. ඔවුන්ගේ කෙරුවාවල් ගැන අපිට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ...
Nandalal DE SILVA - France Saturday, 01 November 2025 06:28 PM
මරු නෙ!!! පාතාල කල්ලි වලින්ද ඔය IRC, පිස්තෝල කල්ලිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හැටියට තොරා පත්කර එව්වෙ ??? ආයෙමත් වරක් මැතිසබයෙ කාලගොට්ටියක් ආවොත්, මිරිස් කුඩු, පුටු වෙනුවට පිස්තෝල පාවිච්චි කිරීමට නවීකරණය කරන්න මෙම රංචුව තටමනවා වගෙයි !!!
Srinath Saturday, 01 November 2025 09:04 PM
තවත් පාතාලයෝ 20ක් බිහිවුණා කියන එකයි මගේ මතය. බුද්ධාගම විශ්වාස කරන රටක් හරියට කළ දේ පස්සෙන් එනවා. ඒවට අපේ මුදල් වියදම් කරලා ආරක්ෂාව දෙන්න එපා. මහජනතාව වටින්නේ නැද්ද? ඔවුන්ගේ ආරක්ෂාව පිස්ටල් දන්නවා..
අනේසිරි! Sunday, 02 November 2025 08:34 AM
ඕකට තමා අර සිංහල කියමනක් තියෙන්නේ කුම්බලා කටු කෑවා නම් විඳවපං බලලෝ කියලා....
Willows Drive Sunday, 02 November 2025 04:22 PM
මේ අනවශ්‍ය බියක් රටපුරා වැපිරීමක් නේද?