
(මොහොමඩ් ආසික්)
කටුගස්තොට නවයාලතැන්න ජම්බුගහපිටිය මාර්ගයේ ගමන් ගත් වෑන් රථයක හදිසියේ තිරිංග ක්‍රියා විරහිත වී සිදු වූ අනතුරකින්14 හැවිරිදි දියණියක සහ ඇයගේ 47 හැවිරිදි පියාකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය කියයි.
කොළඹ රාජගිරිය ප්‍රදේශයේ පදිංචි පිරිසක් කටුගස්තොට ජම්බුගහපිටියේ මළ ගෙදරකට ගොස් යළි ගම්පොළ ප්‍රදේශයේ ඥාති නිවසකට යමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය කියයි.
උපකාරක පන්තියකට සිසුවිය පියා සමග ආපසු නිවෙසෙට එමින් සිටියදී මෙම අනතුරට ලක්ව ඇති බව පොලීසිය කියයි.
අනතුරින් බරපතල තුවාල ලැබ සිටි පියා සහ දියණිය කටුගස්තොට රෝහලට රැගෙන ගියද ඒ වන විටත් මිය ගොස් තිබේ.
මෙසේ මිය ගොස් ඇත්තේ පොල්ගොල්ල පල්ලේගුන්නෑපාන ප්‍රදේශයේ පදිංචිව සිටි ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවය කරන අඹගහගෙදර රෝහණ ජයන්ත (47) නැමැති තිදරු පියකු සහ ඔහුගේ බාල දියණිය වන කටුගස්තොට නවයාලතැන්න සමුද්‍රදේවී බාලිකා විද්‍යාලයේ නව වන වසරේ ඉගෙනුම ලබන මධූෂී මේකලා ධනංජනා යන 14 හැවිරිදි දියණියයි.

2025 දෙසැම්බර් මස 18
325
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
205
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1001
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වෑන් රියෙන් ආ මාරයා පියා සහ දියණිය ඩැහැ ගනී
උධුලී Sunday, 12 February 2023 02:10 AM
ඔබ දෙදෙනාටම නිවන්සුව පතමු. නිවන් දක්නා තුරු මෙවන් අකල් මරණයක් නොමවේවා...!
Ranjan Sunday, 12 February 2023 10:10 AM
වාහන වල තත්ව පරීක්ෂාව හරියට නොකර ලබාදෙන ධාවන බලපත් සහධාවනයට පෙර ඒ වාහනයේ තත්වය නොබලා ධාවනය කරන මෙවැනි රටක මෙවැනි දේවල් කීයක් මේ දක්වා සිදුවී තිබෙනවාද? මෙවැනි දේවල් ඉදිරියට තව තවත් වැඩිවෙනවා.... මිසක් අඩුවෙන්නේ නැහැ. මිනිසුන්ගේ ආර්ථික ගැටළු නිසා මොනයම් දෙයකින් ගැටගසාගෙන ධාවනය වන වාහන තත්ත්ව පරීක්ෂණය පගාව නොගෙන සෑම මාස 6කට වරක්වත් සිදු කරන්න ඕනේ මේ නිසා...