IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


වන අලි ගැටලුව විසඳන්න දිස්ත්‍රික් මට්ටමින් කමිටු පිහිටුවයි

(අංජුල මහික වීරරත්න)

ග්‍රාමීය ආර්ථිකයට මෙන්ම ජන ජීවිතයට දැඩි බලපෑමක් එල්ල කෙරෙන වන අලි ගැටලුව විසඳීම සඳහා විධිමත් යාන්ත්‍රණයක් කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ වන අලි ගැටලුව විසඳීම පිළිබඳ ජනාධිපති කාර්යාලයේදී අද (20) පස්වරුවේ පැවති සාකච්ඡාවේදීය.

මෙහිදී වන අලි ගැටලුව බහුලව පවතින අනුරාධපුර, පුත්තලම, පොළොන්නරුව, අම්පාර, හම්බන්තොට, මොනරාගල, කුරුණෑගල, බදුල්ල සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්ක පිළිබඳ විශේෂ අවධානය යොමු කෙරුණු අතර, මෙයට අදාළව, ඒ ඒ දිස්ත්‍රික්කවල පවතින ගැටලු දිසාපතිවරු විසින් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන ලදී.

එසේම වනජීවී දෙපාර්තමේන්තුවේ දැනට පවතින පුරප්පාඩු, රථ වාහන අවශ්‍යතා සහ රාජකාරී කර ගෙන යාමේදී මුහුණ දෙන ගැටලු පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි.

වන අලි ගැටලුව විසඳීමේ යාන්ත්‍රණය කාර්යක්ෂම කිරීමේ අවශ්‍යතාව මෙහිදී අවධාරණය කළ ජනාධිපතිවරයා ජනතාව සමඟ සමීපව මෙම වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවීමේ වැදගත්කමද පෙන්වා දුන්නේය. ඒ අනුව මෙම කටයුතු සිදු කිරීම සඳහා අදාළ දිස්ත්‍රික්කවල වගකිව යුතු නිලධාරීන්ගෙන් සමන්විත කමිටු ඉදිරි මාසය තුළ පත් කිරීමටද ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.

දැනට වනජීවී දෙපාර්තමේන්තුවේ පවතින පුරප්පාඩු පිරවීම සඳහා විශ්‍රාමික නිලධාරීන් කොන්ත්‍රාත් පදනම මත බඳවා ගන්නා ලෙසද උපදෙස් දුන් ජනාධිපතිවරයා, ඒ සඳහා කඩිනම් ක්‍රියාමාර්ගයක් ලෙස සිවිල් ආරක්ෂක  නිලධාරීන් නිශ්චිත පුහුණුවක් සමඟ වනජීවි දෙපාර්තමේන්තුවට අනුයුක්ත කිරීමටත්,  ඊට අදාළ නීති සම්පාදනය කිරීමටත් නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

වන අලි ගැටලුව විසඳීමට, පොලීසිය ඇතුළු ආරක්ෂක අංශ සහ වනජීවී දෙපාර්තමේන්තුව ඒකාබද්ධව දැනට ගෙන යන මෙහෙයුම් වඩා විධිමත් සහ කාර්යක්ෂම කිරීමටද ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් දුන්නේය.

රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න, මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල, නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී.බී සරත්, ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, වනජීවී අධ්‍යක්ෂ ජනරාල් රංජන් මාරසිංහ, යුද හමුදාපති මේජර් ජනරාල් ලසන්ත රොද්‍රිගෝ, වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය යන මහත්වරුද, දිසාපතිවරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීහු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.



අදහස් (0)

වන අලි ගැටලුව විසඳන්න දිස්ත්‍රික් මට්ටමින් කමිටු පිහිටුවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 183 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 391 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 167 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site