





(නිශාන්ත කුමාර)
කන්දකැටිය හා මීගහකිවුල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් ගම්මාන කිහිපයකට අද(11) අලුයම කඩාවැදුණු වන අලි රංචුවක් බෝග රැසක් විනාශ කර දමා ඇතැයි ගොවීහු කියති.
කරමැටිය පරණ මහියංගන පාර වැව්පිටිය, අලි ඔලුව, බුබුල දඩයම්තලාව ඇතුළු ගම්මාන කිහිපියක, වපුරා තිබූ කුඹූරු යායවල් කිහිපයක් වන අලි පාගා විනාශ කර ඇති අතර, කෙසෙල්, ඉරිඟු, පොල් ඇතුලු වගා රැසකට ද හානි කර ඇත.
රන්දෙනිගල රක්ෂිතයේ සිට කඩාවැදුණු හත්දෙනෙකුගෙන් යුත් වන අලි රංචුවක් ගම්මානයට ආසන්න වන ලැහැබක රැඳීසිටිමින් අඳුර වැටෙනවිට ගමට කඩාවඳින බව ඔවුහු පවසති.
මෙම අලි රංචුව බදුල්ල රන්දෙණිගල මාර්ගයේ රජ මාවත ප්‍රදේශයේ පිහිටි මංකඩකින් ඇතුලුවී ගම්වදින බවද දින කිහිපයක සිට අලි අලුයම ගම්මාන පුරා සැරිසැරීම හේතුවෙන් නිවෙස්වලින් පිටතට යාම පවා අනතුරුදායක තත්වයකට පත්ව ඇතැයිද ගම්මු පවසති.
මේ සම්බන්ධයෙන් වන ජීවී අංශ දැනුවත් කළද තවමත් නිසි ප්‍රතිචාරයක් ලැබී නැතැයිද ඔවුහු කියාසිටිති.
2025 ඔක්තෝබර් මස 08
1899
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1518
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
531
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
වන අලි කන්දකැටියේ කුඹුරු හාති
lanka Wednesday, 11 December 2019 02:57 PM
මේ ගම්මානවල නම් වල හැටියට මේවා සත්තුන්ට අයිති පළාත්... ඒ නිසා සත්තුන්ට බනින්න බැහැ.
Nelum Thursday, 12 December 2019 10:39 AM
අලින්ගේ කැලේ කැපුවනම් ඒ අය දඩුවම් කරනවා.