(රෝවන් පෙරේරා)
වන අලියකු පහරදීමකින් පුත්තලම මානවේරිය ප්‍රදේශයේ මාර්ගයක ධාවනය කරමින් තිබූ කුඩා ලොරි රථයකට දැඩි අලාභ හානි සිදුවී ඇතැයි වනජීවී නිලධාරීහු පවසති.
ලොරි රථය පාරෙන් ඉවතට පැන නතරවී ඇති අතර එහි රියදුරු දැඩි පරිශ්‍රමයක් දරා දිවි බේරා ගෙන තිබේ.
ඊයේ(25) රාත්‍රියේ 11.00ට පමණ මෙම වන අලි පහරදීම සිදු වී තිබේ.
මාර්ගය අසළ පිහිටි නිවසක් දෙසින් කෑ ගසමින් දිව ආ වන අලියා ලොරි රථයට පහරදුන් බවත් ගම්වාසීන් එම ස්ථානයට දිව ඒමත් සමඟ වන අලියා පලාගිය බවත් රියදුරු පැවසුවේය.
සෙල්ලන්කන්දල් රක්ෂිතයේ සිටින වන අලි නිරන්තරයෙන් ගම්වදින බවත්, සිවිල් ආරක්ෂක බලකාය විදුලිවැට ප්‍රමාණවත්ව නඩත්තු නොවන හෙයින් එහි වගකීම ගමේ ජනතාවට ලබා දෙන ලෙසත් ගම්වාසීහු ඉල්ලා සිටිති.


2025 දෙසැම්බර් මස 18
289
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
190
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වන අලියකුගේ පහරදීමකින් අනූ නවයෙන් දිවි ගලවා ගනි