IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


වන අලින්ට වතුර බොන්න තැනූ පොකුණ හීලෑ අලි දෙදෙනෙක් විවෘත කරති

 

 

 

(කාංචන කුමාර ආරියදාස)

සීගිරිය අභය භූමියේ සියලු වැව් ජල උල්පත් සිඳීයාම හේතුවෙන් වන අලීන්ට සහ වන සතුන්ට වතුර බීම සඳහා වැව ඉස්මත්තේ ඉදිකරන  ලද ජල පොකුණ  හීලෑ අලි දෙදෙනකු යොදවා විවෘත කිරීම අද (21) සිදු කෙරිණි.

සීගිරිය වනජීවී කාර්යාලය සීගිරිය මධ්‍යම සංස්කෘතික අරමුදල සීගිරිය පුරාවිද්‍යා කාර්යාලය සහ පින ව්‍යාපෘතිය මගින් මෙම වන සතුන් සහ වන අලින් සඳහා ජල තටාකය ඉදිකර තිබිණි.

මෙම ජල තටාංගය ජලය පානය කිරීම සඳහා සීගිරිය අභය භූමියේ සිටින වන අලින්, මුවන්, ගෝනුන්, රිලව්, වඳුරන් සහ ඉත්තෑවන් වැනි සතුන් රැසක් පැමිණෙන බව වනජීවී නිලධාරීහු පවසති.

සීගිරි පව්ව ඉදිරිපිට ඇති අභය භූමියේ වැව වනසතුන්ගේ දිය පිපාසාව නිවා ගත් බවත් මේ වන විට සීගිරිය අභය භූමියේ සෑම වැවක්ම ඇළක්ම දොළක්ම සිඳී යාම හේතුවෙන් වන සතුන් දැඩි අසීරුතාවයකට පත්ව ඇතැයි වනජීවී නිලධාරීහු පවසති.

වන සතුන් වෙනුවෙන් සිගිරිය  ‍ප්‍රදේශයේ   රාජ්‍ය ආයතන තුනක්  එකතු වී සිදුකළ මෙම මාහැඟි ක්‍රියාව  සතුන් වෙනුවෙන් සිදුකළ මහා පුණ්‍යකර්මයක් බව ප්‍රදේශවාසීහු පවසති.

සීගිරියේ මධ්‍යම සංස්කෘතික අරමුදල කාර්යාල සඳහා රැගෙන යන ජල නලයකින් මෙම  පොකුණ  සඳහා ජලය සැපයීම සිදු කර තිබේ.



අදහස් (9)

වන අලින්ට වතුර බොන්න තැනූ පොකුණ හීලෑ අලි දෙදෙනෙක් විවෘත කරති

උපුල Wednesday, 21 August 2019 07:39 AM

ලස්සනයි කර්තව්‍යය. පොකුණු නිර්මාණය නම් මෙලෝ රහක් නැහැ. දෙන්න ඩිස්ලයික් දැන්..

:       2       25

kasuniThursday, 22 August 2019 05:42 AM

හදපු විදියෙන්ම පේනවා ටැම්පරි වැඩක් කියලා..

:       0       6

aliya Wednesday, 21 August 2019 09:00 AM

මොකක්ද මේ හීලෑ අලී කතාව... ?

:       1       3

shantha Qatar Wednesday, 21 August 2019 11:12 AM

අලියා නෙවේ... කියන්න ඕනේ මීහරකා කියලා. හීලෑ අලි කියන්නේ එදිනෙදා මිනිසුන්ගේ වැඩවලට සහාය වන, පන්සල්වල ඉන්න.., මිනිස්සු හා සාමාන්‍ය විදිහට ගැටෙන සත්ව කොටසකට. වැඩේ අගය කරන්න පුරුදුවෙන්න. ඉතාම සත් ගුණවත් ක්‍රියාවක්..! මහත්වරුනි, ඔබට අපේ ප්‍රණාමය..!

:       0       8

kamal Wednesday, 21 August 2019 10:38 AM

අගය කළයුතු වැඩක්... මේක කරපු සැමදෙනාටම පින්...

:       0       9

Dilan Wednesday, 21 August 2019 11:42 AM

මේ දවස්වල ඔක්කොම විවෘත කරන්නේ අලිතමයි.

:       3       10

Nandalal DE SILVA - FranceWednesday, 21 August 2019 07:11 PM

මේ කතාවෙන් පේනවා අලි නැතුව මොනම දෙයක්වත් අපේ රටේ කරන්න බැරි බව !!! අලි වැඩ කරලා ඒවා ඕපන් කරන්නත් අලිම අවශ්‍යයි.....

:       0       0

SL Wednesday, 21 August 2019 12:52 PM

කැළණි ,කළු ගංගා වල ජලය කොහොම හරි උඩහට හරවන්න කාලේ හරි. කැළණි ගඟ උඩින් යනකොට එතැනට එන, පාවිච්චි නොකර මුහුදට යන ජල කඳ උඩහට කොහොම හරි හැරෙව්වොත් නරකද?

:       0       6

KumarWednesday, 21 August 2019 04:45 PM

කැළණි ගඟ උතුරට හරවන කතාව අමතක කරන්න. කැළණි ගඟ අවට සිටින අයට බොන්න තරම්වත් ජලය නැතිකොට කොහොමද කරන්නේ. අනෙක සිගිරිය පැත්තට මහවැලි ගඟ කලකට පෙර හැරෙව්ව නේද.

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 185 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 159 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 961 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site