IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


වන්දනාමාන කරන්න දේශපාලකයන් අවශ්‍ය නෑ

(අංජුල මහික වීරරත්න)

වන්දනා මාන කරන්නට දේශපාලකයන් රටට අවශ්‍ය නැති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවැසීය.

මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ කඩවත සිට මීරිගම දක්වා ඉදිකිරීම් ඇරැඹීමේ උත්සවයට සහභාගී වෙමින් ජනාධිපතිවරයා මේ බව කීය.

" පාර්ලිමේන්තුවේ නීතියත් සම්මත කළාම ඊට සමච්චල් කරන නායකයන් ඉන්නවා.ගතානුගතික, හිස් පුම්බා අතහරින ලද චරිත වෙනුවෙන් අපේ ජනතාව වැය බරක් දැරිය යුතු නැහැ.අපට අවශ්‍ය දියුණු දේශපාලකයන්.වන්දනා කරන්න දේශපාලකයන් අපට අවශ්‍ය නෑ.දේශපාලකයන්ට වැඳගෙන ඉන්න පුරවැසියන්ගෙන් රටක් ඉදිරියට ගෙන යන්න බෑ.ලෝකයේ දියුණුම ජාතිය ශ්‍රී ලංකාවේ ගොඩනැගීමේ අභියෝගය අප බාර ගෙන තිබෙනවා යනුවෙන්ද ජනාධිපතිවරයා කීය.



අදහස් (10)

වන්දනාමාන කරන්න දේශපාලකයන් අවශ්‍ය නෑ

අන්_ර Wednesday, 17 September 2025 12:00 PM

මට තියෙන ලොකුම ප්‍රශ්නය ඉරිසියාව දරාගන්න බැරි එක.

:       9       11

ටිල්වින් සීයා Wednesday, 17 September 2025 12:05 PM

මහින්දට මිනිස්සු වඳින වැඳිල්ලට අපේ එකාගේ පපුව පැලිලා මැරෙයිද දන්නෑ. සේරිවාණිජ ජාතකේ කච්චපුටයාව මතක් වෙනවා...

:       12       11

ගුණරත්න Wednesday, 17 September 2025 12:17 PM

ඇත්ත, මැරිච්ච සුද්දෝ ටිකක ෆොටෝ එල්ලගෙන අවුරුදු පතා කැබ් වලින් ගිහින් නටපු මොට්ට වැඩ කියලා තේරිලා වගේ...

:       8       7

Nihal Dharmatileke Wednesday, 17 September 2025 12:19 PM

මේ විදිහට කතා කරන්නේ ජනාධිපතිගෙන් ඉගෙන ගන්නේ... විහිළු නෑ.

:       4       3

රටවැසියා Wednesday, 17 September 2025 12:21 PM

හොඳ අදහසක් ජනාධිපතිතුමා, අපි නං හිතුවේ ඔබතුමන්ලා මේ රටේ "ගැලවුම්කරුවන්" කියලා, මොකද මේ රටේ මිනිස්සු දේශපාලනය දේවත්වයේලා සලකපු ජාතියක්...!!! ඔබලා දැන් රටට පෙන්වමින් ඉන්න දේශපාලන නිරුවත නිසා, ඔබලා රට වැසියාගේ ගරු බුහුමනට ලක්නොවන බව ඔබලාගේ හෘද සාක්ෂියම සාක්ෂි දරනවා නේද? ඒ නිසා මේ ආකාරයේ කියමන් ප්‍රායෝගිකයි..! ස්තූතියි...

:       15       13

යෝගා සහ ගුණරත්න ඩෝබි සමාගම Wednesday, 17 September 2025 12:43 PM

ඒ දේශපාලකයින්ගේ මලපහ හෝදන අපි වාගේ ඩෝබිලාවත් අවශ්‍ය නැද්ද?

:       9       7

පිටරැටියා Wednesday, 17 September 2025 12:54 PM

ජනතාවගේ චන්දෙන් බලයට ආපු ,රටම හොරාකාලා විනාශ කරපු දූෂිත දේසපාලුවන්ට වන්දනාමාන කරන හැටි දැක්කම නොහිතෙන දෙයක් නැහැ.

:       12       17

වත්සි Wednesday, 17 September 2025 01:46 PM

ඔබතුමා ප්‍රමුඛ මාලිමා ආණ්ඩුව විසින් ජනතාවට මේ වන විට පෙන්වා දී ඇත්තේ රට කරන දේශපාලකයන් සිටිය යුත්තේ අමු කෙප්ප ප්‍රචාරය කිරීමට බවය. බේගල් ඇද බෑමට බවය. සැමට නීතිය යන බැනරයට මුවා වී දේශපාලන පලිගැනීම් කිරීමට බවයි. තමන්ගේ අය වැරැදි කරන විට ඇස් කන් පියා ගෙන සිටීමට බවයි. හිස් එක්සලන්සි ඒකේඩී, ඔබ තනිකරම මඩ වළක්, බොරු වළක් බව පෙන්වුවාට ස්තුතියි.

:       9       9

අරවින්ද මොණරවිල Wednesday, 17 September 2025 01:57 PM

එතකොට රාජපක්ෂලාට වික්‍රමසිංහලා හා ප්‍රේමදාසට වගේ තමුන්නාන්සේලාට කඩේ යන්න වැසිකිළි කැසිකිළි හෝදන්න රෙදි අපුල්ලන්න කට්ටියටත් ඕනෑම නැද්ද?

:       3       4

Asela Wednesday, 17 September 2025 02:41 PM

අපිට ආඩම්බර ශිෂ්ටාචාරයක් තියෙනවා, අපි වැඩිහිටියන්ට සුදුසු යැයි පෙනෙන ඕනෑම ආකාරයකින් ගරු කරනවා. ගැටලුව වන්නේ මහින්ද තරුණයන් මැරීම නවත්වන යුද්ධය නැවැත්වූ බවයි. JVP රට ආරක්ෂා කිරීමට උත්සාහ නොකළත්, ඔවුන්ට අවශ්‍ය වූයේ දකුණ අල්ලා ගැනීමටයි. අපි ඒ කාලේ ළමයි. JVP ඒ කාලේ හමුදා සොල්දාදුවන් මැරුවා. අපි අද ඊයේ ඉපදුනේ නැහැ. ගෞරවයට සුදුසු මිනිස්සු ඉන්නවා. ඔබේ පාලනයේ එවැනි කෙනෙක් දකින්නේ නැහැ. එහෙම කෙනෙක් ඉන්නවා නම්, මිනිස්සු ගරු කරනවා. දැන්, ඔබට මහින්ද වගේ කෙනෙක් වෙන්න ස්වර්ණමය අවස්ථාවක් තියෙනවා. රට සංවර්ධනය කරන්න.

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 30991 35


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13130 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10939 30


මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 870 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 258 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 909 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site