IMG-LOGO

වෙනස් අදහස් දරන්න තියෙන අයිතියට ගරු කරන්න

 

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

මිනිස්සුන්ට වෙනස් අදහස් දැරීමට තිබෙන අදහස් වලට ගරු කරන්නැයි සමගි ජන බලවෙිගයේ පත් කළ මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකර් මහතා පාර්ලිමේන්තුවේ දී අද පැවසීය.

කරුණාකර ප්‍රජාතන්ත්‍රවාදයට අභියෝග කරන ගමන් මාර්ගයෙන් ඉවත් වී ලෝකය ඉදිරියේ ලංකාව හුදෙකලා කරන්නෙත් නැතිව කටයුතු කරන්නැයි ද එලෙස හුදකලා වුණොත් රටේ ආර්ථිකයට ද බලපෑමක් එල්ල වෙන බවද බාකීර් මාකර් කීය.

ජිනීවා සම්මේලනය පැවැත්වෙන බැවින් රට දිහා ලෝකයේම අවධානය යොමු වී තිබෙන බව කී බාකීර් මාකර් මහතා ප්‍රජාතන්ත්‍රවාදී ලෝකය ඉදිරියේ රට හුදෙකලා කරන ක්‍රියාමාර්ග වලට යන්න එපා යැයිද කීය.

සරසවි සිසු සිසුවියන්ට නිදහසේ අදහස් ප්‍රකාශ කරන්න අයිතිය තිබිය යුතු අතර අද වසන්ත මුදලිගේට කරන්න යන්නේ මොකක්දැයි ප්‍රශ්න කළ බාකීර්මාකර් මහතා ඔහු මැදියම් රැයේ නැගිට්ටුවා හිර කඳවුරෙන් පිටතට ගෙන  යන බවද පැවසීය.



අදහස් (3)

වෙනස් අදහස් දරන්න තියෙන අයිතියට ගරු කරන්න

sagara.k Thursday, 06 October 2022 02:56 AM

ලංකාවේ ප්‍රජාතත්‍රවාදය තිබුනේ ඉස්සර .දැන් ලංකාවේ තියෙන්නේ රාජපක්ෂ තන්ත්‍රවාදය .එය ජාත්‍යන්තර ප්‍රජාව දැනගත්තොත් හොඳයි.

:       1       2

මිගාර Thursday, 06 October 2022 09:23 AM

අපි දැක්කා ඒක කාත්තන්කුඩි වල ලස්සනටම කරනව. වෙන ආගමක කෙනෙක් බැන්දා කියලා මුස්ලිම් ගෑණු කෙනෙක්ට පාරෙ පහරදුන්නේ. වෙනත් ආගමක් ගැන කථා කරත් මරණ මිනිස්සු අනිත් උන්ට කියනව විරුද්ධ මත ඉවසන්න කියලා.

:       3       1

charithThursday, 06 October 2022 01:27 PM

මතකද පාස්කු ප්‍රහාරයට පස්සෙ මෙයා හොටු පෙර පෙර ඇඩුවා අපේ ලමයි අන්‍යාගමික පූජකයෙක්ට ගරු කරන්න දන්නෙ නෑ, අපේ සමාජය වෙන මගකට ගිහින් කියල. ඒකට මොකද දන්නේ නෑ කලේ? ඔක්කොම බයිලා තමයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 52 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 235 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 49 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site