IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


වෙනසකට සැරසි ශ්‍රීලනීප 72 සමරයි


‘‘එක්වෙමු වෙනසකට සැරසෙමු‘‘ තේමාව කරගනිමින්  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 72 වන සංවත්සරය පක්ෂ සභාපති හිටපු ජනාධිපති හා පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ඉම්පීරියල්  උත්සව ශාලාවේ දී අද සවස පැවැත්විණි.

53 හර්තාලයේ ක්‍රියාකාරිනියක් ලෙස සටනට එක්වූ එවකට ගර්භනී මවක වූ දැනට 83 වන වියේ පසුවන නන්දාවති සොයිසා මහත්මියට  උපහාර තිළිණයක් පිරිනැමීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ අනුශාසක හිටපු ජනාධිපති චන්ද්‍රකා කුමාරතුංග බණ්ඩාරනායක මහත්මිය ද සිය සුභපැතුම් පණිවුඩය සුමුලුව මෙත යොමු කර තිබුණි. නිදහස ජනතා සභාව වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම, ජාතික නිදහස් පෙරමුණ වෙනුවෙන් එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ, එක්සත් ජනරජ පෙරමුණ වෙනුවෙන් එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක මහත්වරුන්ද සුභපැතුම් පණිවුඩ යොමු කර තිබිණ.

(ඡායාරූප ළහිරු හර්ෂණ)

 

 

 



අදහස් (4)

වෙනසකට සැරසි ශ්‍රීලනීප 72 සමරයි

බී අමරසිංහ Monday, 04 September 2023 01:16 AM

ානේ මේ සේරම අපි වෙනුවෙන් නේද කියලා හිතුනාම මාර සතුටක් දැනෙනවා

:       0       4

සල්ලි Monday, 04 September 2023 07:21 AM

සමරන්න ඉතුරු කලේ බංකොලොත් රටක් , ලැජ්ජාවක් නෑ මේවාට යන උන්ට, ටීවී එකේ බලෙන් පෙන්නන්නේ මේවා, මිනිස්සුන්ගේ ඔලුවට බලෙන් දේශපාලනය පොවනවා.

:       0       5

මැක්ස් Monday, 04 September 2023 11:46 AM

සිංහල භාෂාවට නියමිත ස්ථානය ලබා දීම මගින් සාමාන්‍ය මිනිහාට ඉහලට එන්නට අවස්තාව ලබා දුන්, නිදහස් අධ්‍යාපනය, නිදහස් සුව සේවය හදුන්වා දීම මගින් රටට විසල් මෙහෙයය්ක් සිදු කළ, දෙශීයත්වයට නිසි ස්ථානය ලබා දීම හරහා සිංහල මෙන්ම දෙමළ පොදු ජනයාට තම ආර්ථිකය නගා සිටුවීමට මග පෑදු, ශ්‍රී ලංකා මාතාව ජනරජයක් බවට පත් කරමින් විදෙස් බැමිවලින් නිදහස් කරගත්, 30 වසරක සාපලත් ත්‍රස්තවාදී යුද්ධයකින් රට බේරා ගත්, විශිෂ්ට දේශපාලන පක්ෂයක් මයිත්රීපාල සිරිසේන වන්නකු විසින් විනාස මුඛයට ඇද දැමූ හැටි මොනතරම් ඛේදජනයක සිදු වීමක් ද!

:       0       4

P.d goonawardena Monday, 04 September 2023 01:45 PM

සභාපතියම අධිකරණයේ වැරදි කාරයෙක්....වෙනස ඉතින් හිරකූඩුව විය යුතුයි....

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 339 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 211 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1003 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site