IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


විනාශ කළ උපකරණ ගැන ඕමල්පේ හිමි කතා කරයි

(අජිත්ලාල් ශාන්තඋදය සහ ජයන්ත නානායක්කාර)

දුප්පත්කමින් හිඟාකන මේ රටේ, තියන සම්පත් ආරක්‍ෂා කරගනිමින් ක‍්‍රියාකරනවා මිස පොතේ ගුරුවාදයට යටවී තීරණ නොගන්නා ලෙස සමස්ත රේගු නිලධාරින්ගෙන්  ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ ඉල්ලා සිටියහ.

ප‍්‍රමිතියෙන් තොරයි කියලා, රේගු අත්අඩංගුවට ගත් පාසල් දරුවන් භාවිත කරන සපත්තු, බෑග් ආදි හිස් වැසුම් ආදී පාසල් දරුවන් භාවිතකරන කෝටි ගණනක් වටිනා උපකරණ රැසක් පසුගියදා රේගුව විසින් ගිනිතබා විනාශ කරනවා අපි ජනමාධ්‍යයෙන් දැක්කා.

ආහාර වර්ග, බෙහෙත් වර්ග ප‍්‍රමිතියෙන් තොරයි නම් ඒවා භාවිතය සුදුසු නෑ තමයි. නමුත් මේ පාසල් උපකරණ ප‍්‍රමිතියෙන් නෑ කියලා භාවිතකළාට හානියක් තියනවාද?.

අද මේ දුප්පත් රටේ පාසල් බෑගයක් නැති ෂොපිං කවරයේ පොත්  දමාගෙන යන දරුවෝ කී දාහක් නම් ඉන්නවා ද?. පයට සපත්තු දෙකක් තබා සෙරෙප්පු දෙකක් නැතිව පාසල් යන දරුවෝ කී දාහක් ඉන්නවාද? ආර්ථික වශයෙන් ඉහළ මට්ටමක ජනතාවක් ඉන්නවයි කියන බස්නාහිර පළාතේ ඇත්ත තත්ත්වයත් ඕක’

‘මේ විනාශ කරපු උපකරණ ප‍්‍රමිතියට නැති වුණාට ඒවා නැති දරුවන්ට බෙදලා දෙන්න තිබුණා. නිකං දෙන්න බැරි බැරිනම් ප‍්‍රවාහන වියදමවත් අරගෙන දෙන්න තිබුණා. රේගුව කියන විදියට අපේ රටේ මේ වනවිටත් භාවිතාවන සමහර ආයතනවලින් නිපදවන පාසල් බෑග්, සපත්තු ඇතුලූ ඔය විනාශ කළ දේවල් තියෙන්නේ ප‍්‍රමිතියටම ද? ප‍්‍රමිතියට නැහැයි කියලා මෙවැනි උපකරණයක් භාවිතා කළා කියලා ශාරීරික හානියක් වෙන්නේ නෑ. ප‍්‍රතිමියට නැති ඖෂධයක්, ආහාරයක් ගත්තොත් ඒක කෙනෙකුගේ ශරීරයට බලපාන්න පුලූවන්. නමුත් මේ පාසල් උපකරණ ගින්නෙන් දවන එක පොත් බෑගයක් සපත්තු ජෝඩුවක් නැති දරුවෝ ඒක මාධ්‍යයෙන් ප‍්‍රචාරය වෙනවා දැකලා කොච්චර නම් හුල්ලන්න ඇති ද?

 



අදහස් (6)

විනාශ කළ උපකරණ ගැන ඕමල්පේ හිමි කතා කරයි

කිරිපුතා Sunday, 27 August 2023 02:59 PM

රේගුව පුළුවන් තරම් හොරකම් කරගෙන ටිකක් විනාශ කරනවා වෙන්න ඇති. රටේ නීතියක් නැතිව ඇති. ඒ බඩු භාණ්ඩ භාවිතයට ගන්න. නීති යාවත්කාලීන කරන්නේ නෑ. හොරකම් කරන්න ඕනෑ නිසා..!

:       2       98

Lalla Sunday, 27 August 2023 03:59 PM

අද තමා ඔය හාමුදුරුවෝ කරපු හොඳම ප්‍රකාශය එලියට ආවේ...!

:       3       74

සුජිත් පල්ලේ වත්තSunday, 27 August 2023 04:26 PM

ඔව්... ඒක තමා මගෙත් ප්‍රශ්නය... ආනයනය කරපු භාණ්ඩ තොගයක්ද දන්නේ නැහැ. ගැටළුව තියෙන්නේ.. මෙම පාසල් උපකරණ ඔය හේතුව මත නිදහස් කරලා පාසල් ළමුන් පරිහරණය කරලා ළමුන්ට ආසාත්මිකතා, රෝග, අනතුරු සිදුවුණොත්..!

:       41       18

සමිත සේනක අලුත්ගමගේ. Monday, 28 August 2023 09:48 AM

හාමුදුරුවන් කියනා දේ එහෙම උනත්,ප්‍රමිතියෙන් තොර බඩු ගෙන්නන්න අවසර දෙන්න පුලුවන්ද ? ඒවා රටේ දරුවන්ට භාවිතයට සුදුසු නැති නිසා තමයි ඒවා විනාශ කිරීමට පියවර ගන්නේ.අනික ප්‍රමිතියෙන් තොර බඩු ව්‍යාපාරිකයන් ගෙන්වන්නේ අයුතු හා අධික ලාභ ලබන අදහසින්.ඒවා විනාශ කිරීමට පියවර ගත යුතුමයි. ඔය තරම්ම දුප්පත් දරුවන් ගැන දුක නම්,පූජකයන් විඳිනා අධික සැප සම්පත් වලින් ටිකක් අඩුකොට එම මුදල් රටේ දුප්පත් දරුවන් වෙනුවෙන් වැයකරන වැඩ පිළිවෙලක් දියත් කරන්න.ඒ පැත්ත ගැන පේන්නේ නැහැ.

:       5       6

පූර්ණ Monday, 28 August 2023 11:01 AM

පාස්කු ප්‍රහාරය කාලෙ අත් අඩංගුවට ගත්ත කඩු පිහි වගේ තොගයක් අධිකරණ නියෝගයකින් ගැඹුරු මුදේ ගිලවා දැමුව කියල ප්‍රවෘත්තියක් මම දැක්ක. මට එදත් හිතුණෙ, මොන මෝඩ තකතීරුවොද මේ කියල.. ඔය ක්ෂෙත්‍රවල ඉන්න මිනිස්සුන්ගෙ ඔළුවලට නව්‍ය අදහස් හීනෙකින් වත් එන්නෙ නැතුව ඇති..

:       1       4

Bamunuarachchi Tuesday, 29 August 2023 04:11 AM

හාමුදුරුවනේ මේ විනාශ කලේ ප්‍රමිතියෙන් තොර පාවිච්චියට නුසුදුසු භාණ්ඩ. ඒවා පාවිච්චිට දෙන්නේ කොහොමද? මේ වාට අයිතිකරුවන් ඉන්නවා ඔවුන්ගෙන් බලයෙන් අරගෙනයි විනාශ කලේ. පාඩුව බාන්ඩ ගෙන්වපු අයටයි. කාගෙන් වත් බලයෙන් අරගෙන තවක් කාටවත් බෙදා දෙන්න බැහැ.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 362 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site