IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


විනාශයට මුල කණ්ඩායමක් ලෙස කටයුතු නොකිරීමයි

(අංජුල මහික වීරරත්න)

අවශ්‍ය නිවැරදි තීරණ අවශ්‍ය මොහොතේ  ගත්තා නම් උඩවලවේ ගොවීන්ට මෙම හානිය සිදුවන්නේ නැතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

කණ්ඩායමක් විදියට එකට කටයුතු නොකිරීමත් මෙම විනාශයට හේතුවූ බව තමා බය නැතිව ප්‍රකාශ කරන්නේ යැයිද අමාත්‍යවරයා කීය.  

මෙම වර්ෂය ශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩිම වගා හානි වන්දි ගෙවීමට සිදුවන වසර ලෙස ඉතිහාසගත වනු ඇතැයි ද  මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

මේ වනවිට මුළු රටම නියඟය විසින් ගිල ගෙන තිබෙන අතර රටට අවශ්‍ය සහල් නිපදවීමට වැඩිම දායකත්වය සපයන උඩවලවේ කලාපයේ අක්කර 65,000කට ජලය හිඟකම බලපා ඇතැයි අමාත්‍යවරයා කීය.

උඩවලව කලාපය යනු වැඩිම සහල් ප්‍රමාණයක් ලබා දෙන හොඳම කුඹුරු තිබෙන කලාපය බවද  එහි කුඹුරු විනාශ වෙන හැටි අපිට බලාගෙන ඉන්න සිදු වී තිබෙන බව ද අමරවීර මහතා කීය. 

දැනට කර තිබෙන තක්සේරු අනුව  අක්කර 39,000ක් නියඟය නිසා විනාශ වී තිබෙන බව කී අමාත්‍යවරයා  මෙම ප්‍රමාණය දිනෙන් දිනම වැඩි වෙන බවද තක්සේරු කිරීම් අවසන් වනවිට  වගා හානි ප්‍රමාණය අක්කර 50,000 ඉක්මවනු ඇතැයිද සඳහන් කළේය.

 බංකොලොත් වෙච්ච රටේ වන්දි ගෙවීමත් පහසු දෙයක් නොවන බව පැවැසූ අමාත්‍යවරයා රටේ මුදල් අර්බුදයක් තිබුනත් ගොවිතැනට වන්දි මුදලක් ලබා දිය යුතුය යන මතයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩලයම සිටින බව කීය.

 මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනපති ගොවීන්ට සාධාරණ වන්දි මුදලක් ලබා දීම සඳහා පියවර ගනු අැතැයිද  අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේය.

රත්ගම පන්විල තරුණ කෘෂිව්‍යවසායකත්ව ගම්මානයේ  කෘෂිකාර්මික වැඩ සටහන්  අරඹමින්  අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

 



අදහස් (1)

විනාශයට මුල කණ්ඩායමක් ලෙස කටයුතු නොකිරීමයි

Hafeel Friday, 18 August 2023 05:03 PM

දැන් මේ රට බංකොළොත් වෙච්චි රටක් නොවේ නේද? එදා ඒකේ ප්‍රථම ණය කොටස් ලැබුණු විගස ඔයාගේ ජනාධිපති කිව්වා, තවදුරටත් මේ රට බංකොලොත් වෙච්ච රටක් කියලා කියන්න බැහැ කියලා. ඒකත් ලැබුණේ ණය මිස ආධාරයත් නොවේ. මේක අමතක වෙලාද මෙයා අද මෙහෙම ප්‍රකාශ කරන්නේ? මෙයාලාට කන්න ලැබුණොත් කබරගොයාත්, තලගොයා වෙනවා.

:       1       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 376 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 223 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1017 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site