IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


විධායක නිලධාරීන් මුදල් අමාත්‍යංශය ඉදිරිපිට විරෝධතාවක

(යොහාන් භාසුර)

රජයේ විධායක නිලධාරීන්ගේ සංගමය ඉල්ලීම් කීපයක් මුල්කරගනිමින් මුදල් අමාත්‍යංශය ඉදිරිපිට අද (25) පෙරවරුවේ විරෝධතාවක් පැවැත්වීය.

දෙපාර්තමේන්තුගත විධායක සේවාවන් සඳහා නව උසස්වීම් ක්‍රමවේදය ක්‍රියාත්මක සහ නව උසස්වීම්වලට අදාල කැබිනට් පත්‍රිකාව වාහා ඉදිරිපත් කිරීම ඇතුළු ඉල්ලීම් රැසක් මෙහිදී රජයේ විධායක නිලධාරීහූ ඉදිරිපත් කළහ.

(ඡායාරූප: ශාන්ත රත්නායක)   



අදහස් (7)

විධායක නිලධාරීන් මුදල් අමාත්‍යංශය ඉදිරිපිට විරෝධතාවක

sakalan Monday, 25 March 2024 02:06 PM

අතේ තියෙන බෝඩ් ටිකෙන් පෙනෙනවා කාගේ බළල් අතක්ද කියලා . මහත්වරු අව්වේ නේද? දාඩිය දාන නිසා ටයි පොලු ටික ගලවගත්තොත් ටිකක් පහසු වේවි.

:       20       14

S priyanthi Monday, 25 March 2024 03:47 PM

මෙතන කිසිම කෙනෙක් කාගෙවත් බළල් අතකට වැඩ කරන්නෙ නෑ.සේවාවන් 18ක ඉන්න සියලු දෙනාගේ අදහස් හා යෝජනා අනුව විධායක නිලධාරීන්ට වෙලා තියෙන අසාධාරණය වෙනුවෙන් සහ රාජ්‍ය සේවය කාර්යංශම කරන්න අවශ්‍ය ප්‍රතිසංස්කරණයන් ක්‍රියාත්මක නොකිරීමට විරෝධය දැක්වීමට එකතුවෙන පිරිසක්.

:       15       12

ඇස් පියනන්දTuesday, 26 March 2024 07:55 AM

මොන අසාධාරණයක් වත් වෙලා නැහැ 1986 පමණ වෙනතුරු කච්චේරියේ නැත්නම් දිසාපති කාර්‍යාලයේ නිල වාහනයක් තිබුනෙ දිසාපතිතුමාට පමණයි ඉන් පහල අතිරේක දිසාපති තිදෙනෙක් මූලස්ථාන උප දිසාපති තිදෙනෙක් සහකාර ආහාර පාලක,සහකාර මැතිවරණ කොමසාරිස් කුඩාකර්මාන්ත සහකාර අධ්‍යක්ෂ පේෂකර්ම සහකාර අධ්‍යක්ෂ සමාජ සේවා සහකාර අධ්‍යක්ෂ ක්‍රමසම්පාදන සහකාර අධ්‍යක්ෂ හා උපදිසාපති තනතුරු රාශියක් දිස්ත්‍රික්කයේ තිබුනා දිසාපති හැර කිසිවෙකුට නිල වාහනයක් නැහැ සෑම කෙනෙක්ම බස් එකේ තමයි නිවසේ සිට කාර්‍යාලයට ආවේ ගියේ උප දිසාපති තුමන්ලා බස්වලින් තමයි තමන්ගෙ කොට්ඨාසයේ රාජකාරි කරන්න ගියේ.මාර්ග නැති ගම්වල පයින්ම ඇවිද්දා ජනතාවට උපරිමයෙන් සේවය කලා මට මතකයි විමලදාස කියන උප දිසාපතිතුමා සංචාරයේ යද්දී දුක්ගැනවිලි වලට ග්‍රාම නිළධාරි සහතික වලට අවශ්‍ය කෙනාගෙ පිටේ තියාගෙන ලිපි ලිව්වා අත්සන් කර සාක්කුවේ දාගෙන එන මුද්‍රාව තබා දුන්නා අතීතයේ හිටපු නිළධාරි රාජකාරි කලේ පුද්ගලික ලාභ ප්‍රයෝජන සදහා නොවෙයි කොහොම හරි 1972 දී බණ්ඩාරවෙල විසූ කස්තුරිරත්න මැතිතුමා ලියූ ගෝචර පල රහස් හා ග්‍රහ රාශි චාරය පොතේ 14 පිටුවෙ සිට ඉදිරියට කියවන්න කියලා මතක් කරනවා ස්තුතියි

:       0       0

SUNIL MILANO Monday, 25 March 2024 04:07 PM

මොන විධායක වුණත් ඵලක් නැහැ මොලේ කලදක්වත් නැතිනම්

:       4       10

උනුත් එකයි මුනුත් එකයි Monday, 25 March 2024 05:44 PM

මේ කට්ටියගේ වැඩ දැක්කාම කැළණි කැම්පස් එකේ කන්නන්ගර නේවාසිකාගාරයේ සිසුවෙක් අසනීපවෙලා රෝහල් ගතකර ගැනීමට අවශ්‍ය පියවරක් ගන්න අනෙකුත් සිසුන්ට නොහැකිව මියගියාම පසුදා ගේට්ටුව අවහිර කර පාලනාධිකාරියට විරුද්ධව උද්ඝෝෂණ කරන්න සිසුන් කටයුතු කිරීම මතක් වෙනවා. ඒ අනුව මොවුන්ගේ වැඩයි සිසුන්ගේ වැඩයි අතරේ කිසිම වෙනසක් මම දකින්නේ නැහැ... උනුත් එකයි, මේ අයත්එකයි...

:       1       7

Lal Monday, 25 March 2024 07:15 PM

රජයේ සේවක ... මොවුන් තමා හොඳම හොරු set එක... කාලකන්නි..!

:       1       8

පේමචන්ද්‍ර Tuesday, 26 March 2024 11:39 AM

අපිලා විධායක නැත්නම් මාණ්ඩලික මට්ටමේ කියමින් අනෙකුත් සේවකයින්ට පෙනේ පුප්පන කට්ටියට වඩා නගරයේ නැත්නම් පාරේ කුණු එකතුකරන සේවකයින් සේවයක් කරනවා, පුළුවන් නම් ඒ සියලු දෙනාටම එක දවසක් වැටුප් සහිත නිවාඩුවක් දීලා බලන්න ඔවුන්ද මොවුන්ද සේවයක් කරන්නෙ කියලා එහෙම නැත්නම් පළාත් පාලන ආයතනවල එම සේවකයින් එක් දිනක් ඔබලාට විරුද්ධව ඔහොම පිකටින් කලොත් මොකද කරන්නෙ .ඒ නිසා සෑම සේවයක්ම අත්‍යාවශ්‍යම බව සිතත්වා .ඔහේලා සමහර ව්‍යාපෘති වෙනුවෙන් ලබන සමහර දීමනාවක් එම සේවකයින්ගේ මාසික වැටුප් ඉක්මවා යනවා

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 360 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 215 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site