
(රංජිත් රාජපක්ෂ)
පියා සහ මවගේ අමානුෂික පහරදිම් හමුවේ නිවසින් පලාවිත් හැටන් දුම්රිය ස්ථානයේ රැදි සිටි 15 හැවිරිදි පාසල් සිසුවකු අද අලුයම හැටන් පොලිසිය බාරයට ගත් බව හැටන් මුලස්ථාන පොලිසිය පවසයි.
අනුරාධපුර ප්‍රදේශයේ පාසල් සිසුවා කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වු රාත්‍රි තැපැල් දුම්රියෙන් හැටන් දුම්රිය ස්ථානයට පැමිණ එහි රැඳී සිටියදි හැටන් පොලිසියේ හදිසි ඇමතුම් ඒකකයට ලද තොරතුරක් මත පාසල් සිසුවා පොලිස් බාරයට ගත් බව පොලිසිය කියයි.
මව්පියන් අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි බවත්, තම පවුලේ වැඩිමහල් සොහොයුරකු සහ සොහොයුරියක සිටින බවයි.
පානදුර ප්‍රදේශයේ පිහිටි මිත්තණියගේ නිවසේ රැදි සිටිමින් පාසල් අධ්‍යාපනය ලබාගත් බවත්, 10 වසර තෙක් අධ්‍යාපන ලබමින් සිටින අවස්ථාවේ පාසලෙන්ද තමන්ව ඉවත් කළ බව ඔහු කියා ඇත.
මිත්තණියගේ නිවසේ රැදි සිටියදි පියා පැමිණ ගෙදරින් යන ලෙස බල කරමින් තමන්ට අමානුෂික ලෙස පහර දුන් බවත්, පියා බද පටියෙන් තමන්ට පහර දිම නිසා පිට කොන්දේ තුවාල සිදු වි ඇති බව කියා සිටි පාසල් සිසුවා වැඩිදුරටත් කියා සිටියේ මව සහ පියාගේ වද හිංසා හමුවේ අනුරාධපුර සිට කොළඹ කොටුව දක්වා දුම්රියෙන් පැමිණ මිත්තණියගේ නිවසට යාමට සූදානමින් සිටි තමාට වැරදීමකින් බදුල්ල දුම්රියට ගොඩ වූ බව කියා ඇත.
මව සහ පියාගේ වද හිංසා හමුවේ තමන්ට ආපසු නිවසට යාමට නොහැකි බවද එම පාසල් සිසුවා කියා සිටියි.
2025 දෙසැම්බර් මස 18
523
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
269
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1067
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වද හිංසා දරා ගන්න බැරිව සිසුවා නිවෙසින් පනී
perera Monday, 19 June 2023 05:21 PM
කිිසි දෙයක් නොදන්නා පව් අහිංසක දරුවා. අද බලන්නේ කවුද මෙම දරුවාවට ? අපි කුමක් කරන්නද ? පව්.
perera Monday, 19 June 2023 05:58 PM
කිසිදෙයක් නොදන්නා පව් අහිංසක දරුවා. අද බලන්නේ කවුද මෙම දරුවාට? අපි කුමක් කරන්නද? පව්...