
(රංජිත් රාජපක්ෂ)
හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන ගවරවිල සිංහල මහා විද්‍යාලයට විදුහල්පතිවරයෙකු ලබාදෙන ලෙස බල කරමින් එම පාසලේ අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් සහ ඔවුන්ගේ දෙමව්පියන් පිරිසක් විසින් ඊයේ (22) උද්ඝෝෂණයක් සිදු කලහ.
මස්කෙලිය සාමිමලේ ගවරවිල දමිල මහා විද්‍යාලයට ආසන්නයේම පිහිටි සිංහල මහා විද්‍යාලය 1 වසරේ සිට 11 වසර දක්වා සිසු සිසුවියන් 150 දෙනෙකුට ආසන්න පිරිසක් අධ්‍යාපනය ලබන බවත්, පාසලේ සිටි විදුහල්පතිවරයා මිට මාස තුනකට ප්‍රථම විශ්‍රාම ගොස් ඇති බවත්, ඒ සදහා කලාප අධ්‍යාපන කාර්යාලයෙන් මෙතෙක් තම පාසලට විදුහල්පතිවරයෙකු පත් නොකිරිම නිසා පාසලේ පරිපාලන කටයුතු බිද වැටි ඇති බව උද්ඝෝෂණයේ නියැලි සිටි දෙමව්පියෝ පවසති.
තම පාසලට ගුරුවරුන්ගේ අඩුවක් පවතින බවත්, පාසලේ පවතින ගැටළු සම්බන්ධයෙන් හැටන් කලාප අධ්‍යාපන කාර්යාල වෙත ගොස් අවස්තා කිහිපයකදි පැමිණිලි කලද ඒ සදහා මෙතෙක් විසදුම් ලැබි නොමැති බවයි දෙමව්පියන් කියා සිටියේ.
මෙම පාසලට යාබදව පිහිටි අනෙකුත් පාසල්වල අධ්‍යාපනය ලබන සිසු සිසුවියන්ට නිල ඇදුම් , සපත්තු , පෙල පොත් ලැබි ඇති බවත්, තවද එම පාසල් වලට සියළුම පහසුකම් ලබා දි ගවරවිල සිංහල මහා විද්‍යාලයට පමණක් කිසිදු පහසුකමක් ලබා නොදි ඇති බවයි උද්ඝෝෂණයේ නියැලි සිටි දෙමව්පියන් වැඩිදුරටත් කියා සිටියේ.
අප මේ සම්බන්ධයෙන් හැටන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා දුරකථනය ඔස්සේ සම්බන්ධ කර ගැනිමට අවස්තා කිහිපයකදි උත්සහ කලද එය ව්‍යාප්ත විය.


2025 දෙසැම්බර් මස 18
261
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
182
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
989
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විදුහල්පතිවරයකු ඉල්ලා ගවරවිල සිසූහු විරෝධයක
පිටරටවැසියා Friday, 23 February 2024 11:28 AM
"නවීන ලෝකයට ගැලපෙන පරිදි අධ්‍යාපනය ප්‍රතිසංවිධානය කර තරුණ-තරුණියන්ට තරඟකාරී ලෝක රැකියා වෙළෙඳපළ ජයග්‍රහණය කිරීමට අවශ්‍ය වටපිටාව සකසා දෙනබව ජනාධිපති පැවසීය" කියලා පුවතක් පලවෙලා තිබුන දැක්කා, මයේ හිතේ වෙන රටක වෙන්න ඇති...