
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
කුරුණෑගල මාවතගම ප්‍රදේශයේ විදුහල්පතිවරයකුට සහ ගුරුවරියන් දෙදෙනකු පාසල් භූමියේදී අඹුසැමි යුවළක් අද උදෑසන පහර දි ඇතැයි පොලිසිය පවසයි.
පහරකෑමට ලක්වූ විදුහල්පතිවරයා සහ ගුරුවරියන් දෙදෙනා මාවතගම රෝහලට ඇතුළත් කර ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
විදුහල්පතිවරයා පහර දුන් බව කියමින් අත්අඩංගුවට ගැනීමට සොයන කාන්තාව අද සවස කුරුණෑගල රෝහලට ඇතුළත්ව ඇතැයි පොලිසිය පවසයි.
අඹුසැමි යුවලක් ් විදුහලට පැමිණ එහි ගුරුවරියක් සමග කතා කතාබස් කරමින් සිටියදී පාසල් වේලාවේ කතා බස් නොකරන්නැයි විදුහල්පතිවරයා අඹුසැමි යුවළට අවවාද කර අඹුසැමි යුවළ සමඟ කතා කතාබස් කරමින් සිටියේ යැයි කියන ගුරුවරියට ද පන්තියට ගොස් උගන්වන ලෙස දැනුම් දී ඇතැයි පොලීසිය සඳහන් කරයි.
මෙසේ අවවාද කිරීමෙන් පසු කෝපයට පත් වූ බව කියන කාන්තාව විදුහල්පතිගේ කමිස කොලරයෙන් අල්ලා ඔහුට දිගට හරහට පහර දී ඇතැයි ද එම උසස් පොලිස් නිලධාරියා කීය.
පහරදීම වැළැක්වීමට පැමිණි ගුරුවරියන් දෙදෙනාට කාන්තාවගේ සැමියා හෙල්මටයකින් පහර දී ඇතැයි ද පොලිස් ආරංචිමාර්ගවලින් දැන ගැනීමට ඇත.
ඒ අවස්ථාවේ කාන්තාව පැළඳ සිටි රන් මාලය කැඩී බිම වැටී ඇති අතර විදුහල්පතිවරයා එම මාලය අහුලාගෙන පොලිසියට බාරදී තිබේ.
එම කාන්තාවගේ සහෝදරියකගේ දරුවා එම පාසලේ ඉගෙනුම ලබන අතර එම දරුවාගේ මව විදෙස්ගතව සිටින බව කියති.
2025 දෙසැම්බර් මස 18
404
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
233
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1022
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විදුහල්පතිගේ අවවාදය නොරිස්සූ අඹුසැමි යුවළ යකා නටලා
සී ඒ පී Friday, 11 August 2023 11:08 PM
කටුස්සගේ කරේ රත්‍රන් බැන්දා වගේ අහංකාරයෙන් හිස උදුම්මාගත් විදුහල්පති කෙනෙක් කියන්න පුළුවන්... නැත්නම් දරුවන්ගේ දෙමාපියන් පංති භාර ගුරුවරු හමුවීම වරදක් ලෙස දකින්නේ නැහැ...
City Saturday, 12 August 2023 06:20 AM
අරගලවලින් පසු සිදුවූ බලපෑම්...!
Rata Perata Saturday, 12 August 2023 12:17 PM
ගැහැණු මිනිස්සුන්ට ගහනවා... මිනිස්සු ගැහැණුන්ට ගහනවා. මොවුන් දෙන්නා පැති මාරුවෙච්චි දෙබලක් වගේ... මෙහෙම හැසිරෙන්නේ සමහර විට ලෝකයේ පැරැණි රැකියාව කරන්න වෙන්න ඇති...