IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


විදෙස් ශ්‍රමිකයන් ගෙන්වන්නැයි මන්ත්‍රීවරු පාරට බසිති

(නිමල කොඩිතුවක්කු)

විදෙස්ගත ශ්‍රී ලාංකික ප්‍රජාව වෙත අවධානය යොමුකොට ඔවුන්ගේ සුරක්ෂිත බව තහවුරු කරන ලෙසත් ඔවුන් මව්බිමට ගෙන්වීමට කටයුතු කරන ලෙසත් ඉල්ලා සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරු විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඉදිරිපිට දී අද(07) විරෝධතාවයක නිරතවූහ.

විපක්ෂ නායක සහ සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති එම විරෝධතාවයට මහජන නියෝජිතවරු, සිවිල් සංවිධාන නියෝජිතවරු ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.

"රටවිරුවන් වහා ගෙන්වනු, ස ෆේල්" ආදී විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් පස්වරු 4.00ට පමණ රැස්වූ විරෝධතාකරුවන් පැයක පමණ කාලයක් විරෝධතා සටන් පාඨ කියමින් විරෝධතාවයේ නිරත වූහ.

විරෝධතාවය අතරතුර අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙසේ කීය.

"රටට විදේශ විනිමය ගෙන එන විදෙස්ගත ශ්‍රීලාංකිකයින් එදා මැතිවරණයට පෙර රට විරුවන් ලෙස මේ ආණ්ඩුවේ පිරිස් හැදින්වූවා. නමුත් අද ඔවුන් එතෙර දුක් විදින අයුරු ආණ්ඩුව නෑසූකන්ව බලා සිටිනවා.මෙරටට ගෙන්වන විදෙස්ගත ශ්‍රමිකයන් පවා අද මාෆියාවකට හසුකොට තිබෙනවා. මේ නින්දාසහගත ක්‍රියාවලිය ආණ්ඩුව නවත්වා දැමියයුතුයි" යයිද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එහිදී පැවසීය.

මෙම අවස්ථාව සඳහා සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර ජාතික සංවිධායක තිස්ස අත්තනායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පාඨලී චම්පික රණවක, සරත් ෆොන්සේකා, තලතා අතුකෝරල, ඉමිතියාස් බාකිර් මාකර්, හරීන් ප්‍රනාන්දු, හර්ෂණ රාජකරුණා, මනුෂ නානායක්කාර,  කාවින්ද ජයවර්ධන යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

(ඡායාරූප - ශාන්ත රත්නායක)


 



අදහස් (13)

විදෙස් ශ්‍රමිකයන් ගෙන්වන්නැයි මන්ත්‍රීවරු පාරට බසිති

Raveenda Thursday, 07 January 2021 01:50 PM

කාලකන්නි .. දැන් මාස කීයක් ඒ අහිංසක මිනිස්සු අපා දුක් විඳිනවද? දැන් තමයි මේ "හැම දේශපාලුවාටම" ඒ මිනිස්සු මතක්වෙලා තියෙන්නේ... මෙතෙක් කල් අවුරුදු කීයක් පට්ටියේ 225 ඇතුළුව මුළු ලංකාවම තුන් වේල බඩගින්න නිවාගන්න ඒ අහිංසකයන් ඍජුවම දායක වුනා නේද බොලව්...? ලැජ්ජයි ...

:       14       55

nimal Thursday, 07 January 2021 02:42 PM

වර්තමාන විපක්ෂයට ප්‍රශ්න කරනවා හැර වෙනත් කළහැකි යමක් නොමැත. කිසිදු විසඳුමක් මේ ජනප්‍රිය නොවන කණ්ඩායම ඉදිරිපත් කොට තිබේද? අනාථ වූ විපක්ෂය සිටින විට රජයට ඕනෑම දෙයක් කළහැකි වේ.

:       2       7

chandima Thursday, 07 January 2021 05:14 PM

පාරේ කෑගහලා වැඩක් නැහැ. අර මහ බැංකුවෙන් හොරකම් කරපු සල්ලිවලින් නැතිනම් වෙන හොරාකාපු සල්ලිවලින් සොච්චමක් දීලා ප්ලේන් එකක් කුලියට අරන් යැව්වා නම් කට්ටියම ගෙන්න ගන්නවනේ...

:       5       7

Bandara Thursday, 07 January 2021 06:51 PM

දේශපාලුවන් රඟපාන අලුත්ම ෂෝ එක...

:       2       5

nimal Friday, 08 January 2021 12:11 AM

අනේ දෙවියනේ මේ සජිත් ඇතුළු පිරිස රටේ ජනතාවගේ මහජන මුදල් නේද මේ නාස්ති කරන්නේ?

:       4       2

Prasanna Friday, 08 January 2021 02:46 AM

රනිල් අාපහු ආවත් මෙලහට නම් සෑහෙන්න කාලයක් යාවි හොඳ විපක්ෂයක් වෙන්නත්. හරි බොළඳ වැඩ කරන්නේ.

:       5       5

hira Friday, 08 January 2021 03:55 AM

මේ අයව දකින කොට පුදුම අප්පිරියාවක් තියෙන්නේ. මේ අය මොන මගුලක් කීවත් මිනිස්සු නම් ඡන්දෙ දෙන්නේ නැහැ. අපි දන්නා විදිහට 80000ක් පමණ පිරිසක් ගෙන්වලා ඉවරයි.

:       11       5

BinkunndaaFriday, 08 January 2021 12:02 PM

ඔලු ගෙඩිය, ගෙනල්ලා තියෙන්නේ ලක්ෂ 3ත්, 4ත් අතර මුදලකට ඇනලා. වෙනදා ගල්ෆ් ටිකට් එකකට යන්නේ රු. 35000ක් විතර... වන් වේ. අනික් ගෙන්නපු අය ඔක්කොම ආණ්ඩුවේ නෑදෑ හිතවතුන් හා ඔවුන්ගේ හිතවත් අයගේ ළමයි. එයාලට ලොකු මුදල් ගෙවන්න ඕනෑ නෑ.

:       4       7

sharm warn Friday, 08 January 2021 07:46 AM

ඒ ගොල්ල�