IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


විදෙස් දූත මණ්ඩල නැගී එන වෙළෙඳපොල සොයයි

( තිළිණි ද සිල්වා )
 
නැගී එන වෙළෙඳපොළ සහිත රටවල පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල 10 ක් මගින් මෙරටට ආර්ථීක වාසි ලබාගැනීම සඳහා ඉලක්කගත වැඩසටහන් ක‍්‍රියාත්මක කිරීමට විදේශ කටයුතු අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
 
මේ යටතේ මෙරට තොරතුරු තාක්ෂණ නිපැයුම් සහ සේවා මෙන්ම කාබනික ආහාර නිෂ්පාදන ස්වීඩනයේද, ඇඟලූම්, රෙදිපිළි සහ පාවහන් නිෂ්පාදන දකුණු අප‍්‍රිකාවේද , නැවුම් සහ සකස් කළ ආහාර බහරේනයේද, මැණික් හා ස්වර්ණාභරණ තුර්කියේද, කුළුබඩු සහ ඇඟලූම් බ‍්‍රසීලයේද, සුවතා සංචාරක කටයුතු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේද, අභ්‍යන්තර ආයෝජනය කොරියානු ජනරජයේ සහ ජපානයේද, බාහිර ආයෝජනය මියන්මාරයේ හා නේපාලයේද ප‍්‍රවර්ධනය කිරීම සඳහා වැඩසටහන් ඒ ඒ දූත මණ්ඩල විසින් මේ වන විට ආරම්භ  කර ඇතැයි එම අමාත්‍යාංශය කියා සිටී.
 
ආර්ථික රාජ්‍ය තාන්ත‍්‍රිකභාවය පිළිබඳ වැඩසටහන යටතේ මෙම වැඩසටහන ක‍්‍රියාත්මක කරනු ලබයි.
 
මෑතකාලීන ආර්ථික ප‍්‍රවාහයන්ගේ රටා සහ ඉලක්කගත වෙළෙඳපොළවල අවශ්‍යතා විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව, විදේශ කටයුතු අමාත්‍යාංශය සෑම දූත මණ්ඩලයක් සඳහාම අපනයන,  ආයෝජන,  සංචාරක සහ විදේශ රැකියා යන ක්ෂේත‍්‍ර සඳහා විශේෂ කාර්ය සාධන ඉලක්ක සකස් කර ඇත. 


 



අදහස් (0)

විදෙස් දූත මණ්ඩල නැගී එන වෙළෙඳපොල සොයයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 40 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 836 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 604 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site