(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට විදේශ ශිෂ්‍යත්ව, පුහුණු සහ සම්මන්ත්‍රණ අවස්ථාව විශාල සංඛ්‍යාවක් ලැබෙන බවත් වෛද්‍ය රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කාලයේ එම විදේශ සංචාර නිර්දේශ කිරීමට පත්කළ කමිටුව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා අහෝසි කර ඇති බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්‍ෂාන් බෙල්ලන මහතා ‘ලංකාදීප’යට පැවසීය.
එම කමිටුවට සෞඛ්‍ය ලේකම්වරයා, සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ඇතුළු නිලධාරීන් රැසක් ඇතුළත්ව සිටි බව කී බෙල්ලන මහතා වර්තමාන සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා එම කමිටුව අහෝසි කර ඔහුගේ නිර්දේශය මත විදේශ සංචාර දෙන බව ද වැඩි දුරටත් සඳහන් කළේය.
සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා මෙම වසරේ මේ දක්වා කාලය විදේශ සංචාර රැසකට සහභාගි වී ඇති බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා එම කිසිඳු විදේශ සංචාරයක ප්‍රගති වාර්තාවක් ඉදිරිපත් කර නොමැති බවත් ඒ මහතා කීය.
අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ඔහුගේ හිතවත් කල්ලියකට පහසුකම් දෙමින් කටයුතු කරන බව ද සඳහන් කළ බෙල්ලන මහතා එම කණ්ඩායමකට කැමති ස්ථානවල රාජකාරි කිරීමේ අවස්ථාව දී ඇති බව ද කීය.
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මේ සඳහා වගකිව යුතු බව කී ඒ වෛද්‍ය රුක්‍ෂාන් බෙල්ලන මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
මේ පිළිබඳව විමසීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා දුරකථනයෙන් සම්බන්ධ ගැනීමට උත්සහ කළ ද ඒ මහතා දුරකථනයට ප්‍රතිචාර නොදැක්වීය.
2025 දෙසැම්බර් මස 18
552
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
276
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1077
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විදේශ ශිෂ්‍යත්ව කමිටුව අහෝසි කරලා